රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.. නව නායක කරු.. අගමැති අපේක්‍ෂක සජිත්..

January 20, 2020 at 10:00 am | lanka C news
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.. නව නායක කරු.. අගමැති අපේක්‍ෂක සජිත්..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සති අන්තයේ දී මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන්හිදී මෙම තීන්දුව ගෙන ඇත.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ද කථානායක කරු ජයසූරිය මහතා හමුවී තීරණාත්මක සාකච්ඡාවක් සිදුකර ඇත.

එහිදී කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා බාරගැනීමට එකඟතාවය පළකර තිබේ.

කරු ජයසූරිය කතානායකවරයා විසින් මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

එම ඉල්ලීමට වික‍්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ තීන්දුව ගැනීම සදහා තමනට දින දෙක තුනක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ඉදිරි කාලයේදී කරු ජයසූරිය මහතාත් අගමැති අපේක්ෂක සහ නව සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.

235 views

24 Comments to “රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.. නව නායක කරු.. අගමැති අපේක්‍ෂක සජිත්..”

  1. ජෙප්පදාස says:

    පක්ෂ නායකයා එකෙක් අගමැති තව එකෙක් ජනාධිපති නෙ පක්ෂෙකතව එකෙක්. රටට හරි යන්න නම් අනුරදාස අගමැති සහ ජනාධිපති කරමු.🙃

  2. එහෙම කෝචොක් දාන්න එපා මෙතන ඉන්නෙ නායකයොම 3න් දෙනෙක් කොහොම හැදියාවක්ද තියෙන්නෙ

    රනිල්-පක්ෂ නායක
    සජිත්-විපක්ෂ නායක
    කරු-කතා නායක

    • Saradiel says:

      අපායේ පාර්ලිමේන්තුවටත් මේ 3 දෙනා සුදුසු නැත ..
      .රනිල්-පක්ෂ නායක
      සජිත්-විපක්ෂ නායක
      කරු-කතා නායක මේ හොරු රැල අපේ රටේ දේශපාලනයෙන් නෙරපා දමන්නේ කවදාද මිනිසුනේ

Main News