රනිල් එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි.. පසුපෙල මන්ත‍්‍රීන් 20ක් සමග රනිල්ව වර්ජනය කරනවා..- හිරුණිකා

May 1, 2018 at 10:43 pm | lanka C news
රනිල් එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි.. පසුපෙල මන්ත‍්‍රීන් 20ක් සමග රනිල්ව වර්ජනය කරනවා..- හිරුණිකා

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් “දිවි හිමියෙන්” අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ “නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ” පුද්ගලයන් බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය “පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු” යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් අවධාරණය කළාය..

“විශ්වාසභංගයට මුහුණ දෙන කොට අගමැතිතුමාගේ චරිතයේ වෙනස්වීම් අපි දැක්කා. අපි ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය මත අපි හැමදෙනාම අගමැතිතුමා වෙනුවෙන් එදා නැගී සිටියා.”

ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ ප්‍රතිසංවිධාන සඳහා සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන සහ ජේ.සී. අලවතුවල ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු කිහිපයක් පත්කරන ලද බව සිහිපත් කරන කොළඹ දිස්තික් මන්ත්‍රීවරිය, තමන් ද එවැනි එක් කමිටුවක සාමාජිකත්වය දැරූ බවත් සඳහන් කළාය.

විශේෂයෙන්ම පක්ෂයේ සියලු නිලතල සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් මගින් නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බවට රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කළේ “ගම් මට්ටමේ, බිම් මට්ටමේ ජනතාවගේ හඬ” බව අවධාරණය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නේ, එවැන්නකට පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉඩකඩ ඇසිරී තිබෙන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද බාධාවක් නොමැති බවය.

මන්ත්‍රීවරිය පවසන පරිදි “රුවන් විජේවර්ධන කමිටුවේ සියලු නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය” යන්න ඇය ඇතුලු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානම ඉල්ලීම වී ඇත.

“අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියල කියන්නේ අපි නෙවෙයි; අජිත් පී පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ වගේ අගමැතිතුමාගේ ලඟින්ම හිටපු අය තමා දැන් කියන්නේ. අපිත් ඒ මතය දරනවා.”

එසේ නම් පක්ෂ නායකත්වයට පත්විය යුත්තේ කවුරුන් දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, නායකයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ද, නවීන් දිසානායක ඇමතිවරයා ද යන්න තමන් සඳහන් නොකරන බවය.

“ඉස්සරහට නායකත්වය බලාගෙන කවුරු හරි ඉන්නව නම් දැන් හොඳම අවස්ථාව එළියට ඇවිල්ල අපිට නායකත්වය දෙන්න.”

හදිසියේම මෙවැනි උද්ඝෝෂණයක් දියත් කරන්නේ ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෝ බලාපොරොත්තුවෙන්දැයි යන්න ඇයට යොමු කළ තවත් ප්‍රශ්නයකි.

“නියෝජ්‍ය ඇමතිකම කියන්නේ පේන්න දාන නිකම්ම නිකම් සිප්පි කටු මාලයක් වගේ එකක්. නියෝජ්‍ය ඇමතිකම විහිළුවක්. ඉතින් මේ වෙලාවේ ඒ වගේ දේකට අහුවෙනවා කියන්නේ අපිත් අපේ අනාගතේ නැතිකර ගන්නවා කියන එකයි.”

තමන්ට පක්ෂයෙන් එවැනි මට්ටමේ තනතුරක් හෝ නොලැබෙන අතර එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ඇය කියා සිටියාය.

කිසිදු බලයක් නොතිබුන අවස්ථාවක මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව හඬ නගමින් එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාට සහාය දුන් තමා මේ අවස්ථාවේත් “මොන විනය පරීක්ෂණය කළත්” සිය අරගලය අත් නොහරින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

– BBC

16 views

12 Comments to “රනිල් එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි.. පසුපෙල මන්ත‍්‍රීන් 20ක් සමග රනිල්ව වර්ජනය කරනවා..- හිරුණිකා”

  1. Tomy says:

    හප්පටසිරි ආයෙත් ඇවිල්ලා . මුන් පස්සේ යන එළුවොත් ඉන්නවා !!!

    • Asaranaya says:

      හම් ! පිගුත්තරයා මේ එලිච්චටත් බයයි එහෙනම්, අම්මටහුඩු වුර්ශකෝශ දේවිගෙ කටේ සැර

  2. "ග්ලයිෆොසේට් රතන​" says:

    මේ ඇමති මංඩලේ වෘෂණ කෝෂ භාර ඇමතිනියකුත් හිටියා නම් විද්‍යාත්මක බව වැඩි වෙන්න තිබුන​.මෙච්චර සුදුසුකම් තියෙන අය ඉද්දි ඇයි ඒ අයට තැනක් නොදෙන්නෙ.කාන්තා නියෝජනය බිංදුවයි?

  3. සිංහල බන්ඩා says:

    තමන්ගෙ වැඩේ කෙරෙනව නම් රටට හෙන ගැහුවත් මේකි වගේ උන්ට කමක් නැහැ. නැත්නම් රටේ අාර්තිකය විනාසයට අැදගන යන මහ බැංකුව කොල්ල කාපු රනිල අගමැති කමේ හිටියට කමක් නැහැ කියය්ද?

  4. dhamma says:

    No 1 Gon Baduwak.

  5. මෙට්ටය says:

    රනිල් රැකගැනීමට හැදූ නාට්‍යයේ අලුත් චරිතයක් .අපිනම් අහුවෙයි.

  6. ratawesiya says:

    yako me O.L ammandiya ranilta abiyoga karanawa wediya netuwoth rahas keli prasiddiyema heli karanawa. rate kisima kenek ganan ganne nethi ammandiyak bawa dena gattoth hondai

  7. මයිල්වාගනම් says:

    මටත් දැන් ඕනේ පරණ ඒවා නෙමෙයි දැන් ඇතිවෙලා පරණ එකම දැකල, අලුත් එකක වෙනස බලන්න දැන් කාලේ හරි. අලුත් එකක් දාපු හම ක්‍රමේ වෙනස් වෙයි, ගමන් කරන විදිය වෙනස් වෙයි, අලුත් ගතියක් දැනෙයි. බොරුද හා.

  8. Joseph Fernando says:

    From where she came to protect UNP? Next president should be Ranil. He is the only visionary man at present to lead the country. Hirunika will not be able to win Rathmalana. She must go back to SLFP.

  9. ඩිෆෙන්ඩර් කියක් ඕනෙද? says:

    ඩිෆෙන්ඩර් කියක් ඕනෙද? මෙට්ට කියක් ඕනෙද…කෝෂ කියදා ..ඩිම්බ කියාද? oya විස්ස අතේ පත්තු බොරු කතා නංගියේ.

  10. ඩිෆෙන්ඩර් කීයක් ඕනද මිනිස්සු උස්සන්න ෙවෟර් ෂන කෝෂ තියන්න මෙට්ට කීයක්ද කොළොන්නාවේ මයිලානඳනී??

Main News