රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් නෙරපා දමයි…

June 17, 2021 at 4:40 pm | lanka C news
රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් නෙරපා දමයි…

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට තේරීම් භාර නිලධාරීවරුන් කටයුතු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන් කිරීම නිසා ඔවුන්ගේ සභික ධූරයන් අහෝසි වී ඇති බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

තංගල්ල නගර සභාවේ නගරාධිපති වරයා, වැලිගම නගර සභාවෙන් නගරාධිපතිවරයා, නාවලපිටිය නගර සභාවේ නගරාධිපතිවරයා එසේ ධූරවලින් ඉවත් කර තිබේ.

55,724 views

28 Comments to “රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් නෙරපා දමයි…”

  1. නව නායක says:

    2025 ජනපති “සරත් ෆොන්සේකා” අනිවාර්‍යයි.

  2. පොඩි එකා says:

    එක් කෙනෙක්වත් අයින් කරන්න දෙන්නේ නෑ කියලා විපක්ෂ නායකයා රටට ප්‍රකාශයක් කලා නේද…? දැන් මොකද වෙලා තියෙන්නේ…?

  3. පොඩි මිනිහා says:

    මේ ඔක්කොම හොද වැඩකාරයො.අපි අවුරුදු කීයක් නම් මේ අයගෙ වැඩ දැක්කද? දැන්නම් ඉතින් ජනාධිපතිනි උනත් අවුලක් නෑ මහා භාණ්ඩාගරයත් හිස්සෙ…..

Main News