රනිල් එපා..විපක්‍ෂ නාකයකමට සජිත් ඔ්නෑ… එජාප මන්ත‍්‍රීන් 57ක් ලිඛිතව ඉල්ලති..- සජිත් පිල හාන්සි කරමින් කතානායකගෙන් සැනෙකින් පිලිතුරු..

November 28, 2019 at 10:00 am | lanka C news
රනිල් එපා..විපක්‍ෂ නාකයකමට සජිත් ඔ්නෑ… එජාප මන්ත‍්‍රීන් 57ක් ලිඛිතව ඉල්ලති..- සජිත් පිල හාන්සි කරමින් කතානායකගෙන් සැනෙකින් පිලිතුරු..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේනයක් මෙහි දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් පෙර දින (2019.11.27) පස්වරුවේ ගරු කථානායකතුමන් වෙත භාරදෙනු ලැබිණි.

එම මන්ත්‍රීවරුන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය යොමු කරවන ලද ලිපියක්, ආදාළ අත්සන් 57 සහිත ලිපියේ පිටපතක්ද සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත කථානායක කාර්යාලය මඟින් යොමු කර ඇත.

එමඟින් කථානායකවරයා දන්වා ඇත්තේ ඉහත කී මන්ත්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසයි.

මේ වන වි‍ට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම් දුන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි ගරු කථානායකතුමා විසින් ඒ පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව පමණක් විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය

43 views

10 Comments to “රනිල් එපා..විපක්‍ෂ නාකයකමට සජිත් ඔ්නෑ… එජාප මන්ත‍්‍රීන් 57ක් ලිඛිතව ඉල්ලති..- සජිත් පිල හාන්සි කරමින් කතානායකගෙන් සැනෙකින් පිලිතුරු..”

  1. sw says:

    ඕකුන් ටික එක කාබරයකට දාල එළියට එන්න බැරිවෙන්න වහලා තියන්න .ඉතුරු වෙන එකාට විපක්ෂනායක කම දෙන්න .

    • Rata Wenuwen says:

      පැඩ් සජියා ලබ්බ උඩ දාගෙන යටිඋගුරෙන් කැහැගෙන ශ්‍රී අදෝ මුකෙන් පැහැරුවෙ මූ ජනාදිපති වගේ , අනේ පව් දැන් විපක්ශ නායකකමට හිඟමනේ යනවා, බැරිදේ බෑමයි පොට්ටනි හේන මාමේ, සිරිකොතෙ කිලිටු රෙදි හෝදපිය මෝඩ හිපාටුවෝ

    • Dubba says:

      සජිත් කල යුතු හොඳම දේ මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න හෝ කථා නායක වෙනස් කරන්න සහාය දෙන එක. පොදු ජන පෙරමුණ ඉතා සාධාරණව බහුතරය සිටි පක්ෂයට විපක්ෂ නායක කම ඉල්ලා සිටියත් එය නොදුන් කෙනා කරුයි. පොදු පෙරමුණ විපක්ෂ නායක තනතුර සම්බන්ධව එදා සිටියේ සජිත් පිල අද සිටින ස්ථාවරයේයි.

  2. Ruwan says:

    UNP ake gon weda walata mei rate minissu danduwam denne Chandedi

    Maha mathiwaranayedi hamba wei owata janadipathiwaranedi dunna wageam

  3. රජරැටියා says:

    හොදා හොදා . බොලාට ඔහොම වෙන්ටම එපෑ.

  4. anoosh says:

    Power crazy Sajth will end no where, Compass to direct him…………..soon.

  5. Kadiya says:

    කරුමයා 2015 කළා වගේ සම්පන්දන් මහතා විපක්‍ෂනායක ලෙස පත්කලොත් හොඳයි නේද?

  6. 77 UNP says:

    රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ කෝටි ගානක් වියදම්කරලා අලුත් වෙඩිනොවදින කාර් ගෙනාවේ විපක්‍ෂ නායක තනතුරට පත්වෙලා සැපට ඉන්න. ඒකට බධාකරණ උන් බටලන්දට යවන්න ඕන.

  7. සරා says:

    සජිත්ටත් ‌ෙමොලේ නැහැ ඒකාගේ වටේ ඉන්න එවුන්ටත් ‌ෙමොලේ නැහැ.කැ ගහලා උඩ පැනලා අපේක්ෂක කම ඉල්ලා ගත්තා.ඇවිත් දුවන ‌ෙකෝච්චියට බලෙන් ‌ෙබෙල්ල තිව්වා.පැරදිලා සතියක් ගියේ නැහැ දැන් ‌ෙදෙවැනි ඉල්ලන් කැම.සජිත් ‌ෙමේ ‌ෙපෙන්වන්නේ ඔහුට අනාගතයක් නැති බවයි.

  8. Bitter Truth says:

    සජිත් තෙරුම් ගන්න ඕනෙ එයාගෙ වටේ ඉන්න එකාලගෙ තරම. අජියා, පචයා, දතා, මොන්ගලයා මුන් ඔක්කොම බලාගෙන ඉන්නෙ සජිත් ට කෙලවෙනකල්.

    සජිත් නැති පක්ශේ නායක කම, අනාගත ජනාධිපති, අගමැතිකම් වලට කෑදරකමේ මුන් සජිත්ට ලණු දෙනවා කලින්ම කෙළවෙලා යන්න.

    සජිත්ව රනිල්ට වඩා ලොස් ඩයල් එකක් කරල සොරිම කරල පැත්තකට කරහම ඊලඟට තැන හම්බවෙන්නෙ කාටද කියලා සජිත් තේරුම් ගත්තෙ නැත්තන් උන්දැත් කපෝති.

Main News