‘රනිල් එපා.. වෙන නායකයෙක් ඔ්නෑ..’ රනිල් අතහැර එක එක යයි..

November 27, 2018 at 10:00 am | lanka C news
‘රනිල් එපා.. වෙන නායකයෙක් ඔ්නෑ..’ රනිල් අතහැර එක එක යයි..

අද වන විට එක්සත් ජාතික පක්‍ෂයෙන් සිංහල බෞද්ධ බලවේග ඈත් වී ගොස් ඇති බවත් විජාතික පක්‍ෂයක් ලෙස හංවඩු ගැසී ඇති බවත් එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.

මෙම තත්වයෙන් පක්‍ෂය මුදා ගත යුතු බවත් ඒ සදහා පක්‍ෂ නායකත්වය පවා වෙනස් විය යුතු බවත් ඔහු කියා සිටී.

පක්‍ෂයේ වත්මන් කටයුතු සම්බන්දයෙන් තමන් සිටින්නේ දැඩි කලකිරීමෙන් වුවද පක්‍ෂය හැර යාමට කිසිදු අදහසක් නැතැයිද ඔහු කියා සිටී.

එක්සත් ජාතික පක්‍ෂයට අතීත ශ‍්‍රී විභූතිය යලි ගෙන ඒමට අවහ්‍ය තීරණ කඩුනමින් ගත යුතුව ඇති බවද ඔහු කියා සිටියේය.

"මම කලකිරීමෙන් කතා කරන්නේ.."

"මම කලකිරීමෙන් කතා කරන්නේ.." #lka #News1st #Pathikada

Gepostet von Newsfirst.lk am Sonntag, 25. November 2018

93 views

16 Comments to “‘රනිල් එපා.. වෙන නායකයෙක් ඔ්නෑ..’ රනිල් අතහැර එක එක යයි..”

  1. chandapala says:

    පක්ෂය අද නටන්නේ යුඑන්පියේ පදයටද , නැතිනම් චම්පික, රාජිත සහ සුමන්තිරන්ලාගේ පදයටද???????????????

  2. john says:

    Please dont go… dont gooooooo away………….. pls dont go….
    Even if the party sells the country and make you jump to sea.. dont leave the party..Its green Blood.

    • ගන්ජ බන්ඩා says:

      අපි යූඑන්පී අපි යූඑන්පී අපි යූඑන්පී – අපි කැපුවත් කොල හරක් බොලව්.

  3. Duminda says:

    Ranil epa kiyala kiyanne nehene!

  4. සුදේශ් says:

    මහත්තයෝ එජාපය විජාතිකරණය වෙන්න ගත්තේ ජේ ආර් පප්පා බලයට ආපු කාලේ ඉඳලා .ඊට පෙරත් හිටපු ජෝන් කොතලාවල වගේ අයත් ඉතින් වැඩි වෙනසක් තිබුනේ නෑ.අතීත ශ්‍රී විභූතිය තිබුනේ ඩි එස් ගේ කාලේ විතරයි .රණසිංහ ප්‍රේමදාස ඉතාම දුප්පත් පවුලකින් ආවා උනත් ඔහුට ජනපතිකමට තරග කරන්න දෙන්න සිදුවුනේ ඒකාලේ ජේවීපී භිෂණය නිසා එජාපයේ ජිටපු අනෙක් බලවන්තයෝ පස්ස ගහපු නිසා .නමුත් ප්‍රේමදාසත් මල් වට්ටි අරන් පන්සල් ගියත් සේවය කලේ කොළඹ හතේ පන්තියේ උවමනාවන්ට .ඔය පක්ෂය ඔයාට වෙනස් කරන්න බෑ එජාපය මෙහෙයවන්නේ බටහිර රටවලින් එජාපය කියන්නේ ලෝක ප්‍රජාතාන්ත්රිකවාදී හවුල කියන බටහිර ක්‍රිස්තියානි සන්විදානයක ඉහල සාමාජිකයෙක් .ඒ සංවිදානයේ (IDU)මේ ආසියාවේ ඉන්න එකම සාමාජික පක්ෂය UNP හිතාගන්න පුළුවන් නේද තත්වය .
    එජාපයේ ඉහල නිලධාරින් මෙන්න සිටින බහුතරයක් දේශපාලකයෝ ආගම් මාරු කල අය හෝ රට ආගම් වලට වඩා තම බඩ ගැන හිතන අය අර පෙන්නේ නැද්ද හිටපු නිවේදකයා (මොළ සෝදන්නා )තලගොයි කබරගොයි කරගෙන කන හැටි .
    එජාපයේ නිලතල සෑම එකකටම මුලධර්ම පල්ලිවල අය රිංගවලා තියෙන්නේ එජාපය පාලනය වෙන්නේ බටහිරට ඕනා විදියට ඒ උපදෙස් ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ /රවී කරුණානායක /රෝසි සේනානායක /සජිත් ප්‍රේමදාස /එරාන් වික්‍රමරත්න වැනි පල්ලියේ අතකොලු හරහා ,අන්න එනිසයි රනිල් වික්රමසිංහ තම තනතුරින් යන්නේ නැත්තේ .ඔය idu කියන සංවිදානයේ වෙබ් අඩවියට ගිහිල්ල බලන්න .එකේ තිබෙනවා පාස් වර්ඩ් දාපු සාමාජිකයන්ට පමණයි කියල මෙනු එකෙක් අන්න එක තමයි මේගොල්ලන්ගේ සාකච්චා පවත්වන තැන .යුද්දකාලේ රනිල් සතියෙන් සතියට ගිහිල්ල යුද්දේ නවත්තන්න කියල උපදෙස් දුන්නේ අන්න ඒ රටවල් වලට .දැන් මහබැංකු කොල්ලය නිසා පැත්තකින් ඉන්න රවී කරුණානායක තමයි එජාපයේ මීළඟ නායක .සායි බාබා අදහන කරු ජයසුරිය හෝ ඔහුගේ බෑනා හෝ සජිත් නොවෙයි .
    ඔයාට එජාපයේ වෙනසක් කරන්න බෑ සජිත් කියන්නෙත් ඒගොල්ලන්ගෙන්ම කෙනෙක් .චම්පික රණවක කියන ස්ලිපර් එක දැන් ක්රියාත්මයි ඔහුත් වෙස් වලාගෙන හිටපු අන්යආගමිකයෙක් .රටට ජාතියට ආදරය කරන කෙනෙක් නෙවෙයි ,මිනිහා ජාතික වියාපාරය සම්පූර්ණයෙන්ම පාවල දුන්නු කෙනෙක් නොසිතන විදියට .
    දැන් එජාපය ඔය බෝධි පුජා පවත්වන්නේ පන්සල් වල මල් පුජා පවත්වන්නේ උන් ඒවා ගැන විශ්වාස කරන නිසා නොවෙයි මේ රටේ මහජනතාවට තමුන් බෞද්ද කියල බොරුවට පෙන්වන්න පෙන්නලා සහය ගන්න .සායි බාබා අදහන කරුවාට තියන්න ඕනා බජන් සැන්දෑවක් මිසක් බෝදිපුජා නෙවෙයිනේ .
    ඔයා ඔපමණ රට ජාතිය ගැන දුක්වෙනවානම් ඔය විජාතික අතකොලු ගල් කොලු එජාපය අතහැරලා දේශප්‍රේමී පිලට එකතු වන්න

    • යුඑන්පි එකේ IDU කොල්ලා says:

      අඩෝ උඹට ජර්මන් හමුදාව දාලා ගස්සන්නේ හරිද ? ජර්මනියේ ඇන්ජෙලා මාර්ක්ල් කියන ජනාදිපතිගේ පක්ෂයත් ඔය කියන ලෝක ප්‍රජාතන්ත්රිකය්න්ගේ සංවිදානයේ සාමාජික පක්ෂයක් රනිල් සර් කිව්වොත් ජර්මන් ප්‍රංශ එන්ගලන්ත කැනඩා ටක් ගාල බහිනවා ගේමට .
      එදා බෝලාගේ මහරජා නවත්තන්න ලංකාවට බැස්ස මතකද ඔය කට්ටියම .පස්සේ මහරජා පින්සෙන්ඩු උන නිසා ඒගොල්ල පවු කියල ගියා

      • වෙරිසොරි says:

        රනිල් හොරා පින්සෙන්ඩු වෙලා වෙලා වැඳලා වැඳලා උන්ව ගෙන්න ගත්තා. මහින්ද හැරිලා බැලුවා විතරයි උන්ට සුලුදිය පහ උනා !! 😀😀😀 ඉතින් රනිල් හොරා අතහැරලා උන් පැනලා ගියා.

    • Kabba says:

      රනිල් කියන්නෙ තද idu සමාජිකයෙක්. ක්‍රිස්තියානි මූලදර්ම උඩ දේශපලනය තොරන අය එහි සාමාජිකයන්. රනිල් පන්සැල් ගානේ යන්නේ අහින්සක මිනිස්සු රවටන්න. රනිලා idu එකෙන් පිට කිසිවක් කරන්නේ නැත

  5. Raawana says:

    awurudu 24 k Naayakathwaya deruwa ethi.

  6. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    මූ එක පාරක් ෆොන්සේක පස්සෙන් ගියා.මූ ගැනත් ජනතාව කලකිරිලයි ඉන්නෙ.

  7. Sarath Bulathsinghala says:

    What Sudesh says is absolutely right. What remains for any UNPers who still believe they are Sinhala Buddhists to unite under Pohottuwa. UNP, as Sudesh says, is completely under Christian Fundamentalists. Sajith, his mother and sister are Born Again Christians masquerading as Buddhists.

    It is time for the idiotic Sinhala Buddhist UNPers to realize this truth and do what is right by our motherland and our age-old faith – Buddhism.

    This is the lease the Sinhala Buddhist UNPers can do. Much harm has already been done!

  8. ගන්ජ බන්ඩා says:

    බොරැ කියන්න එපා! අපේ දීගජන්තු සිංහල බෞද්ධයා ඉන්නෙ. ඇය් මදිද?

  9. Saradiel says:

    බටහිර තානාපති වැඩිපිරිසක් කතෝලික රනිල්ට සහයදෙන්නේ එම නිසා

  10. Love nature says:

    අද කළ යුතු කාර්යයන් දෙකක් වෙයි. ජනතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම මෙහෙයවනු ලැබුයේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ සිංහල බෞද්ධයන් විසිනි. ඒ ව්‍යාපාරය එසේ ම පවත්වාගෙන යා යුතු ය. ඒ මෙරට සංස්කෘතිය ය, මෙරට ඉතිහාසය ය, මෙරට සම්ප්‍රදාය ය. මහින්ද ව්‍යාපාරයේ එක් කොටසක් රැස්වීම් සම්මන්ත්‍රණ ආදී වශයෙන් බටහිර දේශපාලන සම්ප්‍රදාය අනුව කෙරී ගෙන යා යුතු අතර අනෙක් කොටස සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සල් ආශ්‍රිතව දිගට ම කෙරී ගෙන යා යුතු ය. මහින්ද ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධයනට ආමන්ත්‍රණය කළ යුතු ය. ජනාධිපතිවරණයේ දී ද මහින්දට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ සිංහල බෞද්ධයන්ගෙනි. පඬියන්ගේ ඔත්තු සේවා නියෝජිතයන්ගේ කියමන් අනුව ගොස් මහින්ද සිංහල බෞද්ධ ජනතාව කිසිසේත් අමතක නොකළ යුතු ය. එහෙත් අනෙක් ජන කොටස් විශේෂයෙන් ම සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාව හා දෙමළ ඊනියා අඩු කුල ජනතාව අමතක කළ යුතු යැයි මෙයින් නො කියැවෙයි. මේ සියල්ලෝම අවුරුදු පන්සියයකට එපිට සිංහල බෞද්ධ වූහ. ඔවුන්ගේ සංස්කෘතියෙහි සිංහල බෞද්ධ නශ්ටාවශේෂ වෙයි. නියමිත වෙලාවෙහි ඔවුන්ගෙන් බහුතරය බටහිරයන්ට හා ඉන්දියයන්ට විරුද්ධව සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳ ගනු ඇත.

Main News