රනිල් එලවන විශ්වාස භංගය මේ සතියේ පාර්ලිමේන්තුවට.. තුන් පැත්තකින් රනිල් හිරවෙයි..

March 3, 2018 at 10:00 am | lanka C news
රනිල් එලවන විශ්වාස භංගය මේ සතියේ පාර්ලිමේන්තුවට.. තුන් පැත්තකින් රනිල් හිරවෙයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි තීරණාත්මක විශ්වාසභංගය ඉදිරි දින කිහිපයේදී අනිවාර්යයෙන්ම ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අමතරව එජාප මන්ත්‍රිවරුන්ගේද අස්සන් ලබාගනිමින් පවතින බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අස්සන් කරන එජාප මන්ත්‍රිවරුන් වෙනම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා සහාය ලබා දෙන බවද පවසන එම ආරංචිමාර්ග ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායමද විශ්වාසභංගයට සහායදීම සඳහා අවසන් තීරණයක් ගන්නා තැනට මේ වන විට පැමිණ ඇතැයිද සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සඳහා පෙරමුණු තුනකින් සහාය පළවෙමින් පවතින බවද එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි. මෙම විශ්වාසභංගයේ රහස්‍ය භාවය ආරක්‍ෂා කර ගැනීම උදෙසා ඒකාබද්ධ විපක්‍ෂය, එජාපය හා ආණ්ඩුවේ ශ්‍රී ලනිප පාර්ශ්වය වෙන වෙනම පත්‍රිකා තුනක සිය අස්සන් යොදමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පක්‍ෂ තුන මඟින් නම් කළ විශේෂ නියෝජිතයන් තිදෙනකු එම අස්සන් ගැනීමේ කාර්යයෙහි නිරත වන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සකස් කර ඇති බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිහකට ආසන්න පිරිසකගේ අස්සන් මේ වන විට ලබාගෙන ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා “ඉරිදා මව්බිම”ට පැවැසීය. එජාප, ශ්‍රී ලනිප සමඟ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ලබන අඟහරුවාදා ඇරැඹෙන පාර්ලිමේන්තු සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව කතානායකවරයාට භාරදීමට අදහස් කරන බවද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මේ අතර ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද විශ්වාසභංගය ගැන සාකච්ඡා කරන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

– Mawbima

70 views

9 Comments to “රනිල් එලවන විශ්වාස භංගය මේ සතියේ පාර්ලිමේන්තුවට.. තුන් පැත්තකින් රනිල් හිරවෙයි..”

  1. Asaranaya says:

    පව් බන් ! හම් බානට පහර දෙන්ව වගෙ මේ පින් තකාට කවුරුත් බැටදෙනවා, ජොනි බට්ටෙක් විසිකරපල්ලාකෝ නිකන් ඉන්නවනන්

    • සුබාෂ් says:

      IDU’ හෙවත් අන්තර්ජාතික ප්‍රජාතාන්ත්රිකයන්ගේ සංවිදානය හෙවත් දක්ෂිනාංශ ක්‍රිස්තියානි රාජයන්ගේ ආයතනය තියෙනකම් එකේ ප්‍රධානින් හෙවත් ජර්මනියේ මැකරල් මාකොන් නොනා එංගලතේ මේ නෝනා ප්‍රන්ශේ මාකොන් මහත්තයා ඇමෙරිකාවේ ට්‍රම්ප් මහත්තයා ඉන්නකම් අපේ රනිල් හොලවන්න හම්බුවෙන්නේ නෑ ,මොනවද ඔට්ටු රනිල් කියන්නේ මේ කලාපයේ ඔය සංවිදානයේ ඉන්න එකම සාමාජිකයා unp කාරයෝ දන්නේ නැති උනාට unp එකත් ඔය සංවිදානයේ සාමාජිකයෙක් ,මේක සේව් කරලා තියාගනින් අපේ සිරිසේන ලොක්ක බය වෙනවා ඔය රටවල් ඔක්කොම මිනිහට තග දානවා රනිල් යහතින් අගමැතිකමේ ඉන්නවා බැරිවෙලාවත් අගමැතිට අහක් වෙන්න උනොත් පත්කරගන්නෙත් ඒ ජාතියෙම කෙනක් වෙන්න බොහොම ඉඩ තියෙනව මොකද අපේ සිරිසේනට ශක්තිය නෑ බටහිරයාගේ වචනයට පිටින් යන්න

    • neela says:

      මේ මොන පචද, රනිල්ට එරෙහිව කිසිදිනක විශ්වාසභංග එන්නේ නෑ…රනිල්ට එරෙහිව විශ්වසභංගයක් ආවොත් ඒකම ඇති clean dirty වෙන්න. විශ්වාසභංගය ආවත් ඇති සුද්දො එදා ඉදල රනිලව පිච්චියකට ගණන් ගන්නේ නැ….

      • සුදා says:

        උඹ ඔය විදියට ලියන්නේ සුද්දගේ දේශපාලනය 100% පිරිසිදුයි කියල හිතාගෙන බව පේනවා මචන් සුද්දෝ තරම් කාලකන්නි තක්කඩි නෑ .උන් හොඳටම දන්නවා රනිල් කරන වැඩ නමුත් මොනවා කලත් උන් රනිල්ට යන්න කියන්නේ නෑ එහෙම කියන්නේ රනිල් ලෝකෙටම නොන්ඩි වෙන තත්වෙකටම ආවාම විතරයි ඒ මට්ටමට එනකම් රනිල්ට උන් යන්න දෙන්නේ නෑ විතරක් නෙවෙයි රනිල් යවන්න හදන අයටත් තරවටු කරනවා .අපේ ජනාදිට සුද්දෝ කිව්වේ ගෙදරටම ඇවිල්ල එකයි , සුද්දට කමක් නෑ මෙරටට හෙන ගැහුවට උන්ට ඕනා මේ රට චීනයේ දිශාවට ඇදෙන එක නවත්වන්න .අද ලෝකේ තියෙන්නේ සම්පත් සීමිත ප්‍රමාණයක් ඒ සම්පත් වලට තමයි හැමෝම ඇදෙන්නේ .චිනේ සේද මාවත නැවත ස්ථාපනය කිරීම නවත්වන්න තමයි ඔය බටහිරයෝ ඔක්කොම කරන්නේ .ඒ වදෙදි රනිල් ගොයියාව බටහිරයෝ සාර්ථකව උපයෝගී කරගන්නවා .මිනිහා බාල අපචාරයක් කලත් එක උන්ට කමක් නෑ සුද්දගේ තත්වේ එකයි

        • herath says:

          ඒකනේ සුදා කීන්නේ….රනිල්ට මූකවත් වෙන්න නෑ කියලා අප්පා…කෝ…කිව්වට අහන එකක් යෑ…..

  2. Rohan says:

    Eelangata Maha bankuwa horakam kalata daduwam denna

  3. Nim says:

    JAMPARAYA ANDANNE
    KAWADADA?
    A MOHOTHA ANA THURU
    JANATHAWA PULA POOLA
    BALASETINAWA
    MAHA JANATHAWA GE
    HORA KAPU MUDAL
    LABENA THURU EWASANAWA. …

  4. Jaya says:

    එකාට කෝටි 10 ගානේ දුන්නම ඔය විශ්වාසභන්ගේ ඉවරයි. රනිල් එලවන්න හදනවා කියන්නෙ යූන්පී මන්ත්‍රීලා පොහොසත් වෙනවා.

  5. Nandasoma Suriyaarachchi says:

    ඔව් සල්ලි වලට අම්ම තාත්ත වුනත් පාවා දෙන්න පුලුවන් කට්ටිය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ (ඒකාබද්ධෙ කට්ටිය හැර)

Main News