මව්බිමට එරෙහිව කතානායක කඩුව ගනී.. නිවේදනයක්ද එවයි..

February 22, 2020 at 1:20 pm | lanka C news
මව්බිමට එරෙහිව කතානායක කඩුව ගනී.. නිවේදනයක්ද එවයි..

සතිඅන්ත මව්බිම පුවත්පතේ පළවූ මාධ්‍ය පුවතක් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ පුවත්පත් වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ප්‍රවෘත්ති නිවේදනයයි

(2020 පෙබරවාරි 23 ) එක්තරා සති අන්ත පුවත්පතක ප්‍රධාන පුවත ලෙස “රනිල් – කරු – නවින් – දයා මහ ඡන්දෙට එන්නෙ නෑ” යන ශීර්ෂය යටතේ ගරු කථානායක කරු ජයසූරිය මහතා, ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර මහතා යන අය අතර කථානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවති බවත්, එම අවස්ථාවේ දී කරු ජයසූරිය මහතා වෙනුවෙන් ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටි බවටත් පලව ඇති පුවත අදාළ පුවත පළ කර ඇති පුවත්පතටම ආවේනික වූ සුපුරුදු මාධ්‍ය භාවිතාව අනුව ගොතන ලද මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කරමු.

 

ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වය ඇතිව එවන් සාකච්ඡාවක් කථානායක නිල නිවසේ හෝ වෙනත් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව සහ කරු ජයසුරිය මහතාගේ අනු දැණුම ඇතිව වෙනත් කිසිවෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව එවන් ඉල්ලීමක් සිදු කර නොමැති බවත්, ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

– කථානායක මාධ්‍යය අංශය

 

36,486 Viewers

5 Comments to “මව්බිමට එරෙහිව කතානායක කඩුව ගනී.. නිවේදනයක්ද එවයි..”

  1. Leon Ms says:

    Decisions on Decibel rating speaker “Y” is singing his swan song !

  2. 🤣🤣🤣😄😄😄 says:

    මව්බිමට එරෙහි නිසා නොවෙද … සුද්දෙක්ට දුවව බන්දලා දුන්නේ..???😥
    ඒකනේ කරු ජයසූරිය දේශබන්දු වුනේ..!😁😁

  3. බන්ඩා says:

    ගින්නක් නැතිව දුමක් නොනගී.

  4. බිල්ල says:

    ඔන්න ඔයවාගේ මධයම අධිවේගෙන් වන්දි 6 ගුණයක් තමන්ට දුන්නා කියන කථාව බොරුද? ඒ මුදල් කරුමයට ලැබුනම ඇතිවෙන අප්‍රසාදය මඟහරවා ගැනීමට ඉඩම් තමන්ගේ ඥාතියකුට පැවරුවා කියන කතාවත් බොරුද?

  5. john the baptice says:

    කරු මැතිසබේ වසර 4 ටම රනිල්ට කඩේ ගියේ සන්තෝසම් හොදට ලැබෙන්න ඇති

Main News