රනිල් කල් මරයි.. සජිත් කෝපයෙන්.. අමාත්‍යංශය සියල්ල අකර්මණ්‍යයි.. එජාප බලපොරයෙන් රටම අනාථයි..

September 9, 2019 at 1:20 pm | lanka C news
රනිල් කල් මරයි.. සජිත් කෝපයෙන්.. අමාත්‍යංශය සියල්ල අකර්මණ්‍යයි.. එජාප බලපොරයෙන් රටම අනාථයි..

එක්සත් ජාතික පක්ෂයේ  වර්තමානයේ මතුව ඇති අර්බුදයෙන්  අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට රටේ ජනතා ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අමතක වී ඇති බවත්, රජයේ අමාත්‍යාංශ බහුතරයක් අද නිසි  මගපෙන්වීමක් වැඩපිළිවෙලක් නොමැතිව ආයාලේ යන තත්වයක් උද්ගතව ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.ඒ මහතා මෙම අදහස්  පළකලේ රත්නපුර නවනගරයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,දැන් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය දරුණු අතට හැරිලා. එකිනෙකාට චෝදනාකර ගනිමින් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට තරම්  අර්බුදය ඔඩු දුවලා. කණ්ඩායම් වශයෙන් බෙදිලා සාකච්ඡා තියන්න  හැමදාම රාත්‍රී භෝජන සංග්‍රහ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කල් මැරීමේ න්‍යාය නිසා සජිත් පාර්ශවය දැඩි කලකිරීමකින් කෝපයකින් පසුවෙන බව තමයි පෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අපිට වැඩක් නෑ.නමුත්  ආණ්ඩුවේ ඇමතිවරු රටේ ජනතා ප්‍රශ්න විසඳීමට කැප කළ යුතු  කාලය තමන්ගේ කණ්ඩායමට බලය ලබා ගන්න කැපකිරීම  අපිට අනුමත කරන්න බෑ.කැබිනට් මණ්ඩලයේ එකම පක්ෂයේ අයට වාඩි වෙලා තීන්දු ගන්න අද බැරිවෙලා. එතනත් දෙකට බෙදිලා. අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න  ඇමතිවරු පාර්ලිමේන්තුවේ  නෑ. දැන් ගොඩක් අමාත්‍යංශවල වැඩකටයුතුත් අකර්මන්‍ය වෙලා තිබෙන බව තමයි ජනතාව අපිට ඇවිත් කියන්නේ.මන්ත්‍රීවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය දැන් පසුපෙල මන්ත්‍රීවරු තුට්ටුවකට මායිමි නොකරන තත්වයක් ඇතිවෙල තියෙන්නේ.රනිල් මහත්තයටත් ඉතින් ලැජ්ඡාවක් නැති නිසා හොඳයි. සජිත් උඩපනිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තය කිසිම කලබලයක් නෑ.මොකද රනිල් දන්නවා පක්ෂ ව්‍යවස්ථාවයි කත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයයි තමන්ගේ ආරක්ෂාවට තියෙනවා කියලා.ඒ වගේම සජිත් පිලේ වංචා දූෂණ අක්‍රමිකතාත් දැන් ටික ටික එළියට එනවා.ඒ වගේම වෙබි අඩිවි වලින් ,ෆේස් බුක් මගින් සජිත්ට විරුද්ධව කැම්පේන් කරන්නත්  ඉහල තැනකින් උපදෙස් ලැබිලා කියලත් අපිට ආරංචියි.අගමැතිතුමාගේ සහෝදරයගේ නාලිකාවේත් සජිත් පාර්ශවයට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා.මේ අර්බුදත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට කවුරු ඉදිරිපත් වුණත් දිනන්න බෑ.ඒක නම් ස්ථිරයි.

– ධම්මික තිලකරත්න

53,369 Viewers

6 Comments to “රනිල් කල් මරයි.. සජිත් කෝපයෙන්.. අමාත්‍යංශය සියල්ල අකර්මණ්‍යයි.. එජාප බලපොරයෙන් රටම අනාථයි..”

  1. SLCommunity says:

    Meyalata hamadama hithuwe eyalage prashna wisadaganna eka gana witharai. Ekane ratata mechchara henayak gahala thiyenne. Boru kiyala boru kiyala baleeta awith anthimeta mulu ratama kaawa. Horaa kapu ekai boru kiwwa ekai rata kaabasiniya karapu ekai arenna meyala monawada me ratata kale? Dan WENASA sapada kiyala thamai ahanna thiyenne meyalata vote karapu sama-harak gen

  2. Rata Wenuwen says:

    කෝ මෙදිනවල රජක සජියට කත් ඇද්ද මරික්කර්, මුජිබරයා කොනකපාලයෝ, මැරිලා ගිහින්ද, රනිල් හාමුට වැඩ ගොඩයි, වැඩැක් දෙන්න දැන් වෙලාව හරි

  3. මේ ආන්ඩුවට කවදද හරි වැඩ පිලිවෙලක් තිබුනෙ.. මේ ගොල්ලන්ගෙ වැඩ පිලිවෙල තමයි රාජපක්ෂල දේශපාලනයට එන එක වැලැක්වීම, ඇමෙරිකන් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, මහ බැංකුව සුද්ද කිරීම, ජනාධිපති සමග රංඩු කිරීම ආදිය

  4. Sun says:

    Really we cannot trust these politicians as they were involved in mishandling of money in various ways. When leaders are behaving like that the followers know that there is no law and order of the country. When the principle is not controlling the school then the students behave the way they want. There is no progress at school. Similarly, when the leaders are running away from duties the country is in a turmoil. Ultimately the poor people will suffer.

  5. gamarala says:

    මැතිසබේ විසුරුවා හැර චන්ද දෙකම එකට ගැනීමෙන් මුදල් විසාල ප්‍රමාණයක් ඉතුරු කර ගත හැක ජනාදිපතිට රටේ ජනතාව ගැන බලා එය කල හැකිය

  6. amanaya says:

    දැන් ගොඩක් අමාත්‍යංශවල වැඩකටයුතුත් අකර්මන්‍ය වෙලා !

    from 8th January 2015 ??????????????

Main News