රනිල් කොලොප්පන් කල කැළණියේ පෙරහැරට මහින්දගෙන් උපරිම රාජ්‍ය අනුග‍්‍රහය.. අලි ඇතුන් පිරිවරා වීථි සංචාරයේ..

December 7, 2019 at 5:30 pm | lanka C news
රනිල් කොලොප්පන් කල කැළණියේ පෙරහැරට මහින්දගෙන් උපරිම රාජ්‍ය අනුග‍්‍රහය.. අලි ඇතුන් පිරිවරා වීථි සංචාරයේ..

කැළණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ජනවාරි මාසයේ 6, 7, 8 හා 9 යන දිනවල පැවැත්වෙන ඓතිහාසික දුරුතු පෙරහැර අලි ඇතුන්, කලා හා සංස්කෘතික අංගයන් එක්කරමින් දෙස් විදෙස් නරඹන්නන්ගේ ආකර්ශනය දිනා ගන්නා අයුරින් පැවැත්විය යුතු බව කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් මෙහිදී පැවසීය.

නව රජය බලයට පත්වූ වහාම කැළණිය රජමහා විහාරයේ දුරුතු පෙරහැර සාර්ථකව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදෙන සහයෝගය පිළිබඳව දායක සභාවේ ස්තුතිය හිමිවන බවද කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රජයක් වශයෙන් කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහර සාර්ථකව පැවැත්වීමට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව පැවසීය.

එමෙන්ම ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේද දායකත්වය නොඅඩුව ලබාදෙන ලෙස එම අවස්ථාවට එක්වූ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, දුලිප් විජේසේකර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්තුරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දායක සභාවේ සාමාජිකයන් එක්විය.

– MR Media

41,250 Viewers

12 Comments to “රනිල් කොලොප්පන් කල කැළණියේ පෙරහැරට මහින්දගෙන් උපරිම රාජ්‍ය අනුග‍්‍රහය.. අලි ඇතුන් පිරිවරා වීථි සංචාරයේ..”

  1. Hudson says:

    this bugger is a hora ganagdiya who played out lots of money. and who showed the naga loka drama to baiyas.

    • කිරිමෙල් says:

      Even to a useless muck from gutter, as you are, would be pardoned by the great venerable Thero.

      • සිංහල බන්ඩා says:

        දැන් ඉතින් බය නැතුව කැලේ ඉන්න අලි පැටව් අල්ලපල්ලා. මව් ඇතින්න මරලා හරි.

    • Kariyapperuma says:

      ඔය කැළණියේ හාමුදුරුවෝ තමයි ඉන්දියාවේ ඍෂිවරයෙක් කියපු පුද්ගලයෙක් ( මම නම් හිතන්නේ රෝ ඔත්තුකාරයෙක් ) සරත් ෆොන්සේකාට රාජයෝගයක් තියෙනවයි කියලා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවන්න ක්‍රියා කරපු මූලික ම පුද්ගලයා.
      සියලු ප්‍රශ්න බිහි කළේ සරත් ෆොන්සේකා සමග රාජපක්ෂවරුන් භේදභින්න කරේ මේ වහන්සේ තමයි.
      පස්සේ දැන් ආපසු රාජපක්ෂවරු පිටිපස්සට ඇවිත් මොන ගේමක් දෙන්න ලෑස්ති වෙනවද දන්නෙ නෑ.
      වර්තමාන ආණ්ඩුව පරිස්සමෙන් ක්‍රියාත්මක ව්ය යුතුයි. ප්‍රියන්ත කාරියප්පෙරුම ඇතුළු මහින්ද සමග ඉතා සමීපව සිටි කිහිප දෙනෙක් දෙනෙක් ඔහුට විරුද්ධව සකස් කළේද මේ වහන්සේම තමයි

  2. තවත් සමනළයෙක් කට අරී

  3. Prabashwara says:

    ඔබගේ අදහස් කුමක් වුවත්, සැමටම ගෞරව කරන ලෙසත්, අපගේ සම්ප්‍රදායේ සුන්දරත්වය අගය කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි!
    ස්තූතියි

    Whatsoever views you hold, kindly request everyone to respect and appreciate the beauty of our tradition!
    Thanks!

  4. catseye says:

    ,කැළණි විහාරය හදන්න ඉඩම් පරිත්‍යාග කලේ රනිල් මහත්තයාගේ සීයා ….පන්සල ගොඩ නංවාල දියුණු කලේ ඒ වික්‍රමසිංහ පරපුර විසින් ….එහෙම හදපු විහාරේක ඉඳගෙන රනිල්ට අපහස කරන මේ කහකඩ චීවරධාරියා කලගුණ කියන එක යන්තම්වත් දන්නේ නැති ගුනමකුවෙක් ……..නයි අරගෙන ආව කියල ධාතු පෙන්නගෙන ඒ රනිල්ට විරුද්දව චන්ද වියාපාර කෙරුවේ කිසිම හිරිකිතයක් නැතිව …..තමන් අකමැති නම් රනිල්ට එක්කෝ සද්ද නැතිව ඉන්න ඕන මනුස්ස කම වත් තියනවා නම් …….අප්පිරියයි

    • MD says:

      Hudson/catseye oya dennata APAYE seat 2k wen wuna.ikkmanata yanna.pawkari jiwitha tawa dik kara kara yanna.Amanayo kiyanne attatama oyalatai.oyala ratata sapayak.

    • නිමල් says:

      ඉඩම් කවුරැ පූජා කලත් දැන් ඒවා සග සතුයි. රනිල් හැසිරැනේ පිස්සෙක් මිස නායකයෙක් ලෙස නොවේ. බුදු දහමට නිගා කරමින්, ජනතාවට නිගාකරමින්, ඒකාධිපති යෙක් ලෙස. රටක් රැකෙන්නෙ ආගම රැකෙන්න ඕනෙ. මොන රාජ්‍ය නායකයා ද තමන්ගේ ආගමට, ජාතියට,රටට ගරහන්නේ? හෙලා දකින්නේ, ඒ රනිල් සහ යු න් පී නඩය. රනිල්ට කඩේ නොයා බුද්දිමත් ව ජීවත් වෙන්න. මෝඩයා නොවී

    • Dilshan says:

      රැකිය යුත්තේ ශාසනය මිසක් හදපු අය නෙමෙයි.ශාසනය රට විනාශ කරනවානම් කඩේ යාමෙන් ඇති පලේ කුමක්ද..

  5. නලින් says:

    පෙරහැරට අලි ගන්නකොට නිරෝගි අලිඇතුන් ගන්න.එහෙත් සත්තු දම්‍වැල් දාලා ඕවැයෙ ප්‍රදර්ශනය කරන්න ඕනෑමද..ඒ සත්තුන්ට ආදරයෙන් සලකන්න පෙරහැරේ ගෙනියනවනම්‍

  6. Parakum says:

    Just to remind the younger generation about what happened to SWRD. Its the Kalaniya temple chief prelate was part of the plot. Will the same fate follow the RAJAPAKSEs?

Main News