රනිල් ක‍්‍රියාත්මකයි.. සජිත්ගේ පලුවක් ගලවා විපක්ෂ නායකකම ගන්න සැලසුම්.. ආණ්ඩුවේ කොටසක්ද යයිලු..

June 14, 2021 at 12:02 am | lanka C news
රනිල් ක‍්‍රියාත්මකයි.. සජිත්ගේ පලුවක් ගලවා විපක්ෂ නායකකම ගන්න සැලසුම්.. ආණ්ඩුවේ කොටසක්ද යයිලු..

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

ආණ්ඩුව තුළ සිටින කලකිරී ඇති මන්ත‍්‍රීවරු, විපක්ෂයේ භූමිකාව පිළිබඳව නොසෑහීමකට පත්ව ඇති මන්ත‍්‍රීවරු එක් කරගනිමින් මෙම සැලසුම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් මේ වන විටත් එහි සාකච්ඡ අවස්ථා කිහිපයක්ම සිදු කර ඇති බවද සඳහන්ය.

සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කර සමගි ජන බලවේගය තුළ යෝජනාවක් සම්මත කර ගැනීම මෙම සාකච්ඡුාවන්හි අභ්‍යන්තරික තොරතුරු හෙළිවීමත් සමඟ සිදුවූවක් බව ද වාර්තා වේ.

දැනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කරන සජිත් පේ‍්‍රමදාස මහතා ඉන් ඉවත් කර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වන රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරීම එකී සැලසුම බව කියවේ.

මෙම සාකච්ඡා සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගේ සහාය හිමිවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුර තොරතුරු වාර්තා වේ.

– divaina

81,219 views

27 Comments to “රනිල් ක‍්‍රියාත්මකයි.. සජිත්ගේ පලුවක් ගලවා විපක්ෂ නායකකම ගන්න සැලසුම්.. ආණ්ඩුවේ කොටසක්ද යයිලු..”

  1. baiya says:

    මෙම සාකච්ඡා සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගේ සහාය හිමිවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුර තොරතුරු වාර්තා වේ. ponila ekka yana unta abasaranayi

  2. Silva says:

    දේශපාලනයේ තක්කඩියා. එජාපේ විනාශ කරලා ලැජ්ජ නැතිව පාර්ලිමේන්තුවට රිංගනවා . මූ සජිත්වත් විනාශ කරනවා නියතයි .

  3. Lol says:

    Aniwa oka pitipasse inne Mahindayaaaa

  4. 3% ජෙප්පා says:

    ගොබ්බ පුතානෝට වඩා සිය ගුනයක් රනිල් ආපසු නායකත්වය ගන්නවා නම් හොඳයි. හොර උපාධි ගහපු බූරු පුතානෝ මකබෑවිලා යන්න කාලෙ ඇවිත්.