රනිල් ගල් ඉබ්බෙක් වගේ මීළඟ ජනාධිපති වෙන්න හොරගල් අහුලනවා.. රාජපක්ෂවරුන්ද රනිල්ට පොරොන්දු වෙලා..[Video]

March 14, 2019 at 10:54 pm | lanka C news
රනිල් ගල් ඉබ්බෙක් වගේ මීළඟ ජනාධිපති වෙන්න හොරගල් අහුලනවා.. රාජපක්ෂවරුන්ද රනිල්ට පොරොන්දු වෙලා..[Video]

පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර ඇතිවී තිබෙන බෙදීමෙන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතාද ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී.

ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදී ඇතැයි ද තමන් උපකල්පනය කරන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වුවහොත් මෙම ධුරය හෝ කෙතරම් දුෂ්ට පදවියක්දැයි තේරුම් ගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

161 views