රනිල් ගහපු ගිවිසුම් අපට අදාල නෑ.. අපි වගකියන්නේ නෑ.. රටේ සම්පත් විදේශයන්ට දෙන්නේ නෑ..- මහින්ද ඉන්දියාවේදී කියයි..

February 9, 2020 at 1:32 pm | lanka C news
රනිල් ගහපු ගිවිසුම් අපට අදාල නෑ.. අපි වගකියන්නේ නෑ.. රටේ සම්පත් විදේශයන්ට දෙන්නේ නෑ..- මහින්ද ඉන්දියාවේදී කියයි..

රටේ කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට ලබා නොදීම වත්මන් රජයේ ස්ථිර ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා ‘ද හින්දු‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියාව උනන්දුවක් දක්වන ත්‍රිකුණාමලයේ බලශක්ති හා ඉන්ධන ඇතුළු ව්‍යාපෘති සම්බන්ධයෙන් 2017 වසරේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කරන ලද ආර්ථික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේ ද යන්න පිළිබඳ යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඒ පිළිබද තම රජය වගකීම් නොදරන බවයි.

2017 වසරේ දී අත්සන් කළ එම ගිවිසුම පසුගිය රජය විසින් ක්‍රියාත්මක නොකළ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා විසින් අත්සන් කරන ලද සියලුම ව්‍යාපෘති හිටපු ජනාධිපතිවරයා විසින් ද ප්‍රතික්ෂේප කළ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 60ක් පමණ වන විදෙස් ණය අභියෝගයට මුහුණ දීමට ගෙන ඇති සැලසුම් සම්බන්ධයෙන් හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා මෙහිදී යොමුකළ පැනයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවයි.

රටේ ආර්ථිකය නගා සිටුවන තුරු සියලු ණය ගෙවීම් වසර තුනකින් කල් දමා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් විමසා ඇති බව කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රජය ඊට එකඟතාව පල කරන්නේ නම් චීනය ඇතුළු සෙසු රටවල් ද එවැනි තීරණයක් ගැනීමට පෙළඹෙනු ඇති බවයි පෙන්වා දී ඇත්තේ.

පසුගිය රජය විශාල වශයෙන් ලබාගෙන ඇති ණය හේතුවෙන් අවුල් ජාලයක් බවට පත්ව ඇති ආර්ථිකය යළි නගා සිටුවීමේ දී ඉන්දීය රජය විසින් ගනු ලබන එම තීරණය වැදගත් වන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

13වන ව්‍යවස්ථාවෙන් පොරොන්දු වූ බලය බෙදීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී ද හින්දු පුවත්පතේ මාධ්‍ය වේදියා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එම කටයුතු ඉදිරියට ගෙන යාමට නම් දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල වගකීම භාරගත හැකි නියෝජිතයෙකු සාකච්ඡා සඳහා අවශ්‍ය බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

ඊට හොඳම විසඳුම පළාත් සභා මැතිවරණය පැවැත්වීම වන අතර ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මහ මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

එම මැතිවරණයෙන් පසු දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශවලින් පැමිණෙන නියෝජිතයින් සමඟ අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමේ හැකියාව පවතින අතර වර්තමානයේ දෙමළ ජාතික සන්ධානය එවැනි සාකච්ඡාවක් සඳහා උනන්දු නොවන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන බොහෝ දේ මෙරට බහුතර ප්‍රජාව පිළි නොගන්නා බව ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

මේ අතර පසුගියදා පැවති ජාතික නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම සම්බන්ධයෙන් ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසුවේය.

ලොව සෑම රටකම පාහේ ජාතික ගීය ගායනය කරනු ලබන්නේ එක් භාෂාවකින් පමණක් බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ද භාෂා විශාල සංඛ්‍යාවක් තිබුණ ද ජාතික ගීය ගායනා කරන්නේ එක් භාෂාවකින් පමණක් නොවේද යන්න මාධ්‍ය වේදියාගෙන් විමසා සිටියේය.

තමන් යාපනයට හෝ යාපනයේ පාසලකට යන විට එහි ළමුන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන අතර ඒ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වයක් නොමැති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් විවිධ ප්‍රකාශ සිදු කළ ද සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳ උනන්දුවක් නොදක්වන බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

– adaderana

33,336 Viewers

13 Comments to “රනිල් ගහපු ගිවිසුම් අපට අදාල නෑ.. අපි වගකියන්නේ නෑ.. රටේ සම්පත් විදේශයන්ට දෙන්නේ නෑ..- මහින්ද ඉන්දියාවේදී කියයි..”

  1. බ්‍රහ්මපුත්‍ර ගංගා says:

    හින්දුස්තාන් ටයිම්ස් එකෙන් මහින්දව බාබර්ක්‍යු වූ හැටි.
    You are going to visit Buddhist religious sites but are also going to Tirupati. You are a devout Buddhist but you never miss an opportunity to go there. Why?
    I’ve been going there whenever I feel like. Yes I am a Buddhist. But I have a deep belief in Lord Vishnu too.

    • john the baptice says:

      හුටා..අපේ නිර්මල බෞද්ධයා

    • damian says:

      ඉතින් UNP මෝලෝ , ලංකාවේ මිනිසුන් කතරගම යන්නේ කිරි වෙහෙර වැඳ ලා.

  2. සරා says:

    දැක්කානේ රාජපක්ෂලාගේ කතා.වැනෙන කතා නැත.මතකනේ ප්‍රභාකරන් මරන්න සති 1.5කට ‌ෙපෙර එන්ගලන්ත හා ප්‍රංශ විදේශ ඇමති ‌ෙදෙපොලට මහින්ද ඇඔිලිපිටියේදි කිව්ව කතාව.නායකයන් කියන්නේ ‌ෙපොන්නයන්ට ‌ෙනොවෙයි ‌ෙකොන්ද ‌ෙකෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් මිනිසුන්ට.‌ෙමෙම ණය සම්බන්ධ මහින්දගේ කතාවට ඉන්දියාව යහපත් ප්‍රතිචාර ‌ෙනොදැක්කුවහොත් රාජපක්ෂලා ඉන්දියාවට පුක ‌ෙපෙන්නා චිනය ‌ෙදෙසට හැරෙනවා.එතකොට ඉතින් නංපචන් ගාලා වැඩක් නැහැ.

    • බ්‍රහ්මපුත්‍ර ගංගා says:

      හින්දුස්තාන් ටයිමස් අහපු තවත් ප්‍රශ්න දෙකක් නිසා මහින්ද වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුන හැටි.
      1.One of the subjects you discussed with Prime Minister Narendra Modi today was counterterrorism. Suicide attacks by Islamist bombers killed more than 200 people and injured hundreds in Colombo last year. But you’ve been discussing the same issue with Pakistan, which, for India, is the fountainhead of state-sponsored terror. Isn’t that a contradiction?
      2.From western investigators to Indian intelligence, many have warned that Pakistan has for years used its diplomatic presence in Colombo to radicalise Sri Lankan Muslims and to encircle India with hostile Islamist groups in neighbouring countries. Given this backdrop, can India take discussions with Sri Lanka on counterterrorism seriously?

  3. අල්ලපු ගෙදර තිනන් says:

    හටං, වික්කමශිංහ වගේ උන්දැලා කියයිද මෙහෙම කෙලින් කතාවක්:

    “දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන බොහෝ දේ මෙරට බහුතර ප්‍රජාව පිළි නොගන්නා බව ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.”

    • THE people says:

      Well said Prime minister . That is the behaviour 69 million people expect on matters regarding Nation intersts of the motherland including Sovereignty of the country.

  4. LION says:

    තවමත් දුටුගැමුණු එළාර යුද්දය ගැන මෝඩි පාඩමක් ඉගන ගෙන නැති පාටයි

  5. Aurora says:

    හම්බන්තොට, මත්තල ආදී සංවර්ධන ව්‍යපෘති වලට චීනෙන් නය ගන්න පෙර මහින්ද රාජපක්‍ෂ ඒ සඳහා ආයෝජනයට ඉන්දියාවට ආරාධනා කලත් ඉන්දියාව කුහක ලෙස එම ආරාධනාව මඟ හැරියා. ඒ නිසා රාජපක්‍ෂ රජය චීනය දෙසට හැරුණා. මේ අවස්ථාවේ ඉන්දියාව බුද්ධිමත්ව ක්‍රියා නොකලොත් ශ්‍රී ලංකාව චීනය දෙසට තව තවත් හැරීම වලක්වන්න කිසිවකුට බැරි වේවි.

  6. Buddhist says:

    Mewage giyoth, dawasak Shangrilla givisumath ahosi wei.

  7. තම ප්‍රථම නිළ විදෙස් චාරිකාවන් අසල්වැසි ප්‍රබල ඉන්දියාවට සිදු කිරීමෙන් හා එහිදී ප්‍රශ්නවලට දුන් ඍජු පිළිතුරුවලින් වත්මන්
    ජනපති ගේත් ,අගමැති ගේත් රාජ්‍යතාන්ත්‍රික භාවය මැනවින් ප්‍රකට විය.
    බුදුන් තෙවරක් වැඩිය හෙළදිව නිවහල් ,සෞභාග්‍යමත් යුගය වෙත නැවත යොමු කිරීමට ඔබ දෙපළට සක්තිය දහිරිය ලැබේවා.
    ජය ධරණී!

  8. GAJABA WALIMUNIDEWA says:

    No need to teach how to have curd and hunny with a barber’s knife. Deli pihiya

  9. Parakum says:

    Humpty Dumpty is going to have great fall one of these days.

Main News