රනිල් ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ අත්හදා බැලීමකටයි.. එය සාර්ථකයි..- පොහොට්ටුව

August 9, 2022 at 1:20 pm | lanka C news
රනිල් ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ අත්හදා බැලීමකටයි.. එය සාර්ථකයි..- පොහොට්ටුව

ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තම පක්ෂය ඡන්දය පාවිච්චි කළේ අත්හදා බැලීමට බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා සඳහන් කරයි.

එම අත්හදා බැලීම මේ වන විට සාර්ථක වී ඇති බව පැවසූ ඔහු ඉන්ධන, ගෑස් පෝලිම් අඩු වී ඇති බවත් බඩු මිලද අඩු වී ඇති බවත් කියා සිටියේය.

මේ හේතුවෙන් ජනතාවට යම් යම් සහන හිමිවී ඇත්තේ එම අත්හදා බැලීමෙන් බවද ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේදී තව තවත් සහන ජනතාවට හිමි විය හැකි බවද එනිසා වත්මන් ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බව ද තවත් ඔහු තවදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

13,893 views

18 Comments to “රනිල් ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ අත්හදා බැලීමකටයි.. එය සාර්ථකයි..- පොහොට්ටුව”

  1. C.P.Dissanayake says:

    අපිත් ඇහැ කන අරගෙන බලාගෙන ඉන්නේ. ඩී බී අයියේ සලකන්නම් අපරාදේ මම ඩී. බී අයියාට දුන්න චන්දෙ. තොපි අත්හදා බැලීම් කරන්නේ මිඉයන 22ක් එක්ක. හරකෝ අපරාදේ ඉපදුනේ. මොනා උනත් කවුරු තර්ජනය කලත් පොහොට්ටුවේ කොන්ද පන තියන කීප දෙනෙක් තාම ඉන්නවා බය නැතුව කතා කරනවා වියත්මගෙන් එහෙම ආපු
    අපිත් ඇහැ කන අරගෙන බලාගෙන ඉන්නේ. ඩී බී අයියේ සලකන්නම් ඊලග චන්දෙන් වැඩි කලකින් නෙවේ අද හෙටම

  2. S. Vitharana says:

    ඔවු ඔවු හරියටම හරි,නමුත් ගෝටාට දීල කරපු අත්හදා බැලීම නම් අසාර්ඵකයි., නේද?

  3. වංචනික වහල් සාටක බල්ලන් බළයෙන් පළවාහැරීමද අති සාර්ථකයි,.! says:

    ”අසාර්ථක මුග්ධ වංචනික අති දූශිත වහල් සාටක බල්ලන් නැවත බළයට ගෙන ඵනු ලැබූවේද අත්හදා බැලීමටයි,.!
    වංචනික වහල් සාටක බල්ලන් බළයෙන් පළවාහැරීමද අති සාර්ථකයි,.!

  4. මරතේනිස් අයියා says:

    ලයිට් බිල සියයට හැත්තැ පහකින් වැඩි කළෙත් අත්හදා බැලීමකටද හේරෝ

  5. AjeetP says:

    අම්මපා, මුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ, බත් කන හරක්.

  6. පොහොට්ටු ආරක්ෂක රනිල් says:

    රනිල්ගේ පක්ෂය , යූ.න්.පී ය සහ පොහොට්ටුව යනු එකකි. දෙගොල්ලොම බැදුම්කර ගේම එක විදියට කලා. මහ බැංකු අධිපති එක වරක් කලා සහ ඔහුගේ නැගණිය යහපාලන කාලෙ මග පෙන්නුවා. රනිල්ගේ ගේ පිච්චුවේ පොහොට්ටුවන්ගෙ ගේමකින්ද කියල හිතෙන්නෙ අරගලකරුවන්ට උදව්කල රනිල් දැන් පොහොට්ටු ආරක්ෂක තනතුර කාටත් වඩා කරන නිසයි. යටින් රනිල් කැපා ඊලග ඡන්දයට ලෑස්තිවීම පොහොට්ටුවෝ කරගෙන යනවා.

  7. lalindra says:

    එක හොදයි නැත්නම් හැමදාම කකුල් හද හදානේ ඉන්න වෙන්නේ කොයි වෙලේ කන්න වෙයිද දන්නේ නැනේ

  8. Lalla says:

    මොනව වුනත් පොදුජන කියන වචනයට අර්ථ නිරූපණයක් දුන්න. මොකුත්ම බැරි මෝඩයෝ කණ්ඩායම කියල….

Main News