රනිල් ජනාධිපති කර මෛත‍්‍රී අගමැති වෙන්න සූදානම්.. එජාප-ශ‍්‍රීලනිප එන මැතිවරණවලදී එකට..?

August 17, 2018 at 3:00 pm | lanka C news
රනිල් ජනාධිපති කර මෛත‍්‍රී අගමැති වෙන්න සූදානම්.. එජාප-ශ‍්‍රීලනිප එන මැතිවරණවලදී එකට..?

මීලග ජනාධීපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සහයෝගය දක්වා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ලෙස ඉදිරිපත් කිරීම සදහා වන යෝජනායක් සාකච්චාවට ලක් වෙමින් ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරයෙක් උපුටා දක්වමින් එහි සදහන් කර ඇත්තේ එම සාකච්චා සාර්ථක වුවහොත් මීලග පළාත් සභා මැතිවරණයට එජාපය හා ශ්‍රීලනිපය එක්ව තරග කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන තීරනාත්මක සාකච්චා සදහා සහභාගී වන ඇමතිවරයා සදහන් කර ඇත්තේ මීලග ජනාධිපතිවරයා ලෙස පත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා ඉහල ඉඩක් ඇති බවය.

එන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමගින් එක් වීමේ හැකියාවක් ශ‍්‍රීලනිපයට නොමැති හෙයින් එජාපය සමග එක්ව තරඟ කිරීම ඔවුනගේ අවසාන විකල්පය වන බවත එකී ඇමතිවරයා තව දුරටත් කියා තිබේ.

95 views
Main News