රනිල් ජනාධිපති පුටුවෙි හිටියා නම් රාජපක්ෂ ගියා වගේ යන්නේ නෑ..- මෛත‍්‍රි

March 6, 2018 at 6:23 am | lanka C news
රනිල් ජනාධිපති පුටුවෙි හිටියා නම් රාජපක්ෂ ගියා වගේ යන්නේ නෑ..- මෛත‍්‍රි

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයේදී වැරදීමකින් හරි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වී සිටියානමි ඔහු මහින්ද රාජපක්ෂ ගියා වගේ ධුරය අතහැර නොයන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකමි මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

ඒ මහතා මෙි බව පැවසුවෙ එම පක්ෂයේ 2018 පළාත් පාලන නියෝජිත හමුවට සහභාගී වෙමින් කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු මෛත්‍රී ගුණරත්න මහතා,

අපි පක්ෂයක් විදියට දින 147 ක් තරමි කෙටි කාලයකදී වෙනස් විදිහේ තරගකාරී පළාත් පාලන මැතිවරණයකට පසුගියදා සහභාගී වුනා. නමුත් ඉතා ශක්තිමත්ව අපි තරගයකට මුහුණ දුන්නා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අපිට එක ආසනයක් ගන්න පුළුවන් වුනා, වන්නි දිස්ත්‍රික්කයෙන් අපිට තව ආසනයක් ගන්න පුුළුවන් වුනා, අමිපාර දිස්ත්‍රික්කයෙන් අපිට ආසන තුනක් ගන්න පුළුවන් කම ලැබුණා, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර තුනක් ගන්න පුළුවන් වුනා, ගාල්ල දිස්ත්‍රික්කයෙන් අපිට මන්ත්‍රීධුර හතරක් ගන්න පුළුවන් වුනා, කළුතර දිස්ත්‍රික්කයෙන්, මීගමුවෙන්, කොළඹ මහ නගර සභාවෙන් සහ කෑගල්ලෙන් එක මන්ත්‍රීධුරය බැගින් අපි මන්ත්‍රීධුර 21 ක් අරගෙන තියෙනවා. තවත් විශාල පිරිසක් අපි ගැන විශ්වාස කරලා ඡන්දය දීලා තියෙනවා. මන්ත්‍රීධුර නොලැබුණු දිස්ත්‍රික්ක වල පවා අපි ගැන විශ්වාස කරලා විශාල පිරිසක් ඡන්දය දීලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය නැතත් අපිට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් ලැබිල තියෙනවා. දැන් මට දැනගන්න ලැබුනු විදියට තාමත් මන්ත්‍රීධුර ගාන කීයද කියන නිල ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් නිකුත් කරලා නැහැ. මම ප්‍රාර්ථනා කරනවා අපිට තවත් මන්ත්‍රීධුර කිහිපයක් ලැබෙන්න කියලා යනුවෙන්ද ප්‍රකාශ කලේය.

තව දුරටත් අදහස් දැක්වු ප්‍රධාන ලේකමි වරයා,

අපි පසුගිය මැතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලුවෙි තීරක බලය සභා පිහිටුවන්න. අපිට සභා නමයක තීරක බලය මෙි වෙනකොට ලැබිලා තියෙනවා. මට පසුගිය දවසේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ෂවයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් කතා කරලා සමහරක් සභා වල බලය පිහිටුවන්න අපේ සහය අවශ්‍ය බව ප්‍රකාශ කළා. තොන්ඩමන් මහතා මට කතා කරා, දිගමිබරන් ඇමතිතුමා මට කතා කරා මෙි හැමෝම අපේ සහය ඉල්ලනවා ගාල්ලේ මන්ත්‍රීවරයෙක් මට කතා කරලා එක්සත් ජාතික පක්ෂයේ නගර සභාව හදන්න උදවි කරන්න කිවිවා. මම ඒ වෙලාවෙි එතුමට කිවිවා අපිට අවුරුද්දකට නගරාධිපති කම දෙන්න කියලා.

තව දුරටත් අදහස් දැක්වු ගුණරත්න මහතා,

මෙි පාර මැතිවරණයේදී සියලු දේශපාලන පක්ෂ වලට රටෙි මහජනතාව පාඩමක් උගන්වලා තියෙනවා. මැතිවරණයේදී ජනතාව ජාතිවාදී පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි කියනවා අපිට ජාතිවාදී අදහස් එක්ක තව දුරටත් ගමනක් නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන දේශපාලන ව්‍යපෘතියකට විතරයි පවතින්න පුළුවන්.

යහපාලන ආණ්ඩුව ගැනත් අග්‍රාමාත්‍ය වරයා හා ජනාධිපති වරයා ගැනත් අදහස් දැක්වු මෛත්‍රී ගුණරත්න මහතා,

දැන් බලන්න මෙි අගමැතිවරයට සහ ආණ්ඩුවට ජනතාව පණිවුඩයක් දීල තියෙනවා ඔහුගේ බලය රටෙි මහජනතාව පිලිනොගන්නා බවට දැන් ආණ්ඩුව ඇතුලෙම පිරිසක් අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගේනන යනවා නමුත් අගමැතිවරයා ඉවත් වෙන්න සුදානමක් නැහැ. කුරදීල හරි රාජපක්ෂ මහත්තය වෙනුවට ඒ ජනාධිපති පුටුවෙි මෙි අගමැතිවරයා හිටියානමි කවදාවත් යන්නේ නෑ. මොනව වුනත් රාජපක්ෂ මහත්තයා තමන් පරාජයට පත්වුනාට පස්සේ එදා පිටවෙලා ගියා. මෙි අගමැතිවරයා ජනාධිපති වෙලා හිටියනමි කවදාවත් යන්නේ නැහැ බලයට කෑදරකමෙි ඒ පුටුවෙම එල්ලිලා ඉදීවි. අද ජනාධිපති තුමා මොකද කරන්නේ කියලා හිතාගන්න බෑ ජනාධිපති තුමා කතා කරනවා ඇක්ෂන් නෑ NATO බවට පත්වෙලා No Action Talk Only අපි කියනවා මෙි ආණ්ඩුවට කරුණාකරලා හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න කියලා.

අද මෙි රට සුවිශේෂි තැනකට ඇවිත් තියෙනවා රට භාරදීල තියෙනවා ජනාධිපති තුමාට, ආණ්ඩුව භාරදීල තියෙනවා අගමැති තුමාට, පළාත් පාලනය භාරදීල භාරදීල තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයට ඔන්න පුළුවන්නමි දැන් වැඩ කරලා පෙන්වන්න කියලා අපි මෙි නායකයෝ තුන් දෙනාටම කියනවා. අපි ගමෙි වැඩ කෙරෙන විදිය හොදට ඇහැ ගහගෙන ඉන්නවා. අපි හොද දේට ශක්තිමත් විදියට සහය දෙනවා. නරක දේ පැහැදිලි ලෙස විවෙිචනය කරනවා යනුවෙන් ඒ මහතා එහිදී සදහන් කලේය.

මෙි අවස්තාව සදහා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති  හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රී උපාලි අමරසිරි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය විශාකා සූරිය බණ්ඩාර මහත්මිය හා Cafe සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී සිටියහ.

– කේ.ටී. දර්ශන

32 views

3 Comments to “රනිල් ජනාධිපති පුටුවෙි හිටියා නම් රාජපක්ෂ ගියා වගේ යන්නේ නෑ..- මෛත‍්‍රි”

  1. Buddhist says:

    meka mara kathawak. Aduma chande gaththe Maithree namuth gedera yanna kyanne Ranil ta. meke maha joke ekak.

  2. Thiwanka says:

    Ranil biya…

  3. senura says:

    Moo danna tarama tamai… MR yanne natiwa hitiya katawa moo dana dana boruwata rangapaanawa.

Main News