රනිල් තවත් මර උගුලක සජිත්ව එල්ලයි.. බෑ කියද්දීම අගමැති අපේක්‍ෂත්වය පටවයි… ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්‍ෂයි..

December 19, 2019 at 3:50 pm | lanka C news
රනිල් තවත් මර උගුලක සජිත්ව එල්ලයි.. බෑ කියද්දීම අගමැති අපේක්‍ෂත්වය පටවයි…  ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්‍ෂයි..

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දී ද විපක්ෂයට නායකත්වය ද ඔහු විසින් දෙනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කොළඹදී පැවති පැවති තරුණ නියෝජිත හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන්නට වික්‍රමසිංහ මහතා එහිදී වග බලාගත්තේය.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමන්ට පක්ෂ නායකත්වය ලබා නොදුනහොත් අගමැති අපේක්ෂකයා ලෙස තරඟ නොකරන බවයි.

පොදුජන පෙරමුණේ අගමැති අපේක්‍ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන අතර එජපයේ ඔ්නෑම අපේක්‍ෂකයෙකුට තරග කිරීමට සිදුවන්නේ ඔහු සමගයි.

34 views

3 Comments to “රනිල් තවත් මර උගුලක සජිත්ව එල්ලයි.. බෑ කියද්දීම අගමැති අපේක්‍ෂත්වය පටවයි… ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්‍ෂයි..”

  1. බන්ඩා says:

    චෞරි ප්‍රධාන කථිකයා හැටියට ගෙනාව නම් එජාපය උඩින් දිනුම්.

  2. Aurora says:

    මගේ අම්මෝ, මට බැරියෝ, මාව බේර ගනියෝ. ඈ ….ඈ ……ඈ ………ඈ ..

  3. පරාක්‍රම බොපිටිය says:

    දෙන්න එපා ප්‍රේමදාසට විපක්ෂ නායකකම. එයා සුදුසු නැහැ. දෙන්න රනිල්ට, ඔහු සුදුසුයි.

Main News