රනිල් නායකකමෙන් යන්නේ නෑ.. සාකච්චා පලක් නෑ..- රංගෙ බණ්ඩාර තීරණාත්මක සටහනක් තබයි.. විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න එජාප 27ක් සූදානම්..

April 2, 2018 at 9:20 am | lanka C news
රනිල් නායකකමෙන් යන්නේ නෑ.. සාකච්චා පලක් නෑ..- රංගෙ බණ්ඩාර තීරණාත්මක සටහනක් තබයි.. විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න එජාප 27ක් සූදානම්..

එක්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු ප‍්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කරන ලද සාකච්චාව අනුව පෙනී ගිය බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

ඊයේ රාත‍්‍රි 08.30-10.30 කාලයේදී දෙපැයක පමණ සාකච්චාවක් අගමැතිවරයා සමග කරන ලද බවද ඔහු සදහන් කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කර තිබේ.

04 වැනිදාට කලින් පක්‍ෂය මුළුමනින්ම ප‍්‍රතිසංවිධායනයකට ලක් නොකලහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාස බංගයේදී එක්සත් ජාතික පක්‍ෂයේ 27 දෙනෙකු විරුද්දව ඡන්දය දීම හෝ ඡන්දය වර්ජනය කිරීමක් සිදු කරනු ඇති බවද රාජ්‍ය ඇමතිවරයා මීට පෙර සදහන් කර තිබින.

48 views

5 Comments to “රනිල් නායකකමෙන් යන්නේ නෑ.. සාකච්චා පලක් නෑ..- රංගෙ බණ්ඩාර තීරණාත්මක සටහනක් තබයි.. විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න එජාප 27ක් සූදානම්..”

  1. mahasohona says:

    mulu rajayama akaryakshamayi kala deyak netha un rajasepa windinawa siyallama nikan
    minissu tax baren merenawa yako umbalata car sepa ganna ape reeri manse kapalla rata hadanawa nam padi bagayak ganilla umbalata saaaaaaaaaaaapaweeeeeeeeeeeewa

  2. Aurora says:

    රනිල් UNP එකේ ඕන මලනාඩගමක් නටාගත්තට මේ රටේ බහුතරයකට කමක් නැත. ඕනෑමනම් සිරිකොත චීනෙට නෙමෙයි ඉතියෝපියාවට විකුණුවත් මේ රටේ බහුතරයකට කමක් නැත. නමුත්රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන කාට හෝ විකුනන්න තීරණ ගන්න, මේ රටේ නීතිය හදන, ආර්ථිකය පලනයකරන අගමැති තනතුර අතහැරිය යුතුය.
    ඒත් එක්කම පක්ෂයකට නායකත්වය දෙන්න බැරි එකාට රටකට නායකත්වය දෙන්න පුලුවන්ද කියා මොලේ තියන උන් කල්පනා කරන්න ඕනෑය. මොලේ නැති උන් ගොන්කතා නොකියා සිටීමම යහපත්ය.

  3. සීගිරි says:

    රනිල් ඉවත් කරන්න මහින්ද කැමතිත් නෑ…ජ.වි.පෙ කැමතිත් නෑ….බටහිර කැමතිත් නෑ.එ් හැමෝටම ඕනේ රනිල් තියා ගන්න……
    හේතුව මේ හැමෝම ඉන්නේ ජනතාවට බයේ…ජනතාව නැමති සතුරාගෙන් තමන්ව හා තම පංතිය රැක ගන්න පුඵවන් එකම නායකයා රනිල් බවයි ඔවුන්ගේ විශ්වාසය !!!!!!

  4. Asaranaya says:

    රන්ඟ බන්ඩාර මැතිතුමනි, ඇඟ වැහැරී ඇති නායකයා පන්නා දමා, ඊලඟ ආන්ඩුවේ වැඩකලහැකි ඇමති පදවියක් ලබා ගමට රටට සේවයක් කරන්න, විශ්වාස බන්ගය ජය නන්වන්න මූලික වන්න දැන්වත්. තීරනය ඔබ අතේ .

  5. podu says:

    ඔහු විසින් හොරා කෑවේ සේවක භාරකාර අරමුදලේ EPF මුදල් මේවා දුප්පත් ලාංකික ශ්‍රමිකයින්ගේ මුදල් ඔවුන්ගේ ජිවිත රුධිරය මේ කරපු පාපය මේ අවස්ථාවේදී නැතිවුනොත් කවදා හෝ පලිසන් දේවි

Main News