රනිල් නායකත්වයෙන් අගමැතිකමෙන් අස්විය යුතුයි.. තීරණාත්මක තීන්දුවකට එජාප පිරිසක් සූදානම්..- රංගබණ්ඩාර

March 25, 2018 at 10:40 am | lanka C news
රනිල් නායකත්වයෙන් අගමැතිකමෙන් අස්විය යුතුයි.. තීරණාත්මක තීන්දුවකට එජාප පිරිසක් සූදානම්..- රංගබණ්ඩාර

රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් මෙන්ම අගමැති ධුරයෙන්ද ඉවත් විය යුතු යයි මතයේ තමන් තවමත් සිටින්නේ යයි රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

අපේ‍්‍රල් 04 වැනිදා විවාදයට ගැනෙන විශ්වාසභංගයේදී තීරණාත්මක ප‍්‍රතිචාරයක් දැක්වීමට සූදානමින් සිටින්නේ යයිද ඔහු සදහන් කරයි.

අගමැතිවරයාට එරෙවිහ ඉදිරිපත්ව ඇති විශ්ාවස භංග යෝජනාව ගැන තමන් මෙන්ම එජාපයේ පිරිසක් දැඩිව විමසිලිමත්ව සිටින බවත් අවශ්‍ය අවස්‌ථාවේදී නිවැරදි තීරණයක්‌ ඔවුන් විසින් ගනු ඇති බවත් ඒ මහතා කියා සිටී.

අද වන විට එජාපයේ ගම් මට්ටමේ ජනප්‍රියතාවය විශාල ලෙස පහල වැටී ඇතැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට සෘජුවම වගකිව යුතු බවත් ඔහු යැඩි දුරටත් සදහන් කලේ යයිද වැඩි දුරටත් දැක්වෙයි.

6 views

3 Comments to “රනිල් නායකත්වයෙන් අගමැතිකමෙන් අස්විය යුතුයි.. තීරණාත්මක තීන්දුවකට එජාප පිරිසක් සූදානම්..- රංගබණ්ඩාර”

  1. සිංහල බන්ඩා says:

    අපේ ගම් වල කැපුවත් කොල හරක් ටිකත් මේ දවස් වල නෝ කතා. යූඑන්පිය කනත්තට ගියත් අපට නම් ප්‍රශ්ණයක් නැහැ. රටට යන කල දසාව ගැනය් අපිට තියන උහුලන්න බැරි කනගාටුව.

    • Jo says:

      සිංහල බණ්ඩා ….. ඒ කතාවට සම්පුරනයෙන්ම එකගයි

    • Asaranaya says:

      රානිලයට /පින්ගුත්තරයට නියම උත්තරය කූඹියෝ ටෙලියෙන් ඉස්මතුවී ආවානේද

Main News