රනිල් පන්නන විශ්වාස භංගයට මෛත‍්‍රී-මහින්ද එක් වේ.. සාකච්චා වට දෙකක් පවත්වයි..

March 24, 2018 at 9:20 am | lanka C news
රනිල් පන්නන විශ්වාස භංගයට මෛත‍්‍රී-මහින්ද එක් වේ.. සාකච්චා වට දෙකක් පවත්වයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකඟතාවකට පත්ව සිටින බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

විශ්වාස භංග යෝජනාව බාර දුන් දිනයේ හා ඊට පෙරදා ඔවුන් දෙදෙනා අතර ඒ සම්බන්ධයෙන් දුරකථන ඔස්සේ සාකච්ඡා දෙකක් පවත්වා ඇති බවද වාර්තා වෙයි.

විශ්වාස භංගයේදී දෙපිලේ මන්ත්‍රීන් එකඟතාවයෙන් කටයුතු කරන ආකාරය ගැන එහිදී අදහස් හුවමාරු වී ඇත.

එමෙන්ම සක්‍රීය බැරකම් පනත රටට බෙහෙවින් හානිකර පනතක් බවත් එය අත්හිටුවන ලෙසත් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා තිබෙන බවද පැවසෙයි.

113 views

20 Comments to “රනිල් පන්නන විශ්වාස භංගයට මෛත‍්‍රී-මහින්ද එක් වේ.. සාකච්චා වට දෙකක් පවත්වයි..”

  1. jayamal says:

    මේ පුවතෙහි යම් සත්‍යතාවක් ඇත්නම් රටට හොඳ කලක් ලබනු ඇත. රනිල් ගැන සතුටු වන්න අපිට අමාරුයි. රට වෙනුවෙන් ගත් පියවර හැම එකක්ම අනතුරුදායක භයානක ඒවායි. මහ දවල් මහ බැංකුව කොල්ල කෑමට අනුබල දීම සහ ඒ නිසාම ජීවත් වෙන්න මහත් දුෂ්කරතා වලට රට වැසියා පත් වීම හරිම ඛේදජනකයි. මේවා සහගහන අපරාධ!

    • බන්ඩා says:

      අවාසනාවක මහත! කැපුවත් කොල යුඑන්පී කාරයින්ට රනිල්ගෙ ගජ මිතුරැ සෙට් එක කල බැදුකර මගඩිය හොරකමක් හැටියට පෙනෙන්නෙ නැහැ.

      • Suba Anagathayak says:

        උඹලාට සිරිසේන ලොක්කව පෙනෙන්නේ ගැලවුම්කරුවානන් වහන්සේ හැටියටද? රනිල් එලවා සිරිසේන හොඳ මිනිහා ලෙස තබාගැනිමටද?

    • sayumi says:

      ඔබ හරියටම හරි ජයමල් මාත් ඔබ හා එකඟයි. අපේ රටට වයිර කරන මේ දුශ්ඨ හොරා අපේ රණ විරුවන් පාවා දෙන පනත වගෙම සක්‍රිය බැරකම් පනතත් සම්මත කර ගත්තා. දැන් හොරා කන්න ඕනෙ නෑ. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඕන තරම් සල්ලි ගන්න පුලුවන්. හොරකම නීත්‍යානුකූල කරගත්තා. කාටවත් ඒ ගැන නඩුවක් තියා ප්‍රශ්න කරන්නවත් පුලුවන් කමක් නෑ. තව හිටියොත් සුද්දන්ට හා කොටින්ට උවමනා සියලු දේ දීලයි ඔහු පස්ස බලන්නෙ.ඒ නිසයි මේ හොරා වහාම පන්නන්න ඕනෙ කියා අපි මේ තරම් කියන්නේ.

  2. jayamal says:

    සක්‍රිය බැරකම් පනත වැනි භයානක පනත් මෙලෙස පහසුවෙන් සම්මත වන්නේ පාර්ලිමේන්තුවට අපි පත් කර ඇත්තේ රටට හතුරුකම් කරන පිරිසක්ද? කෝ මේ රටේ සැබෑ දේශප්‍රේමියෝ?

    • Asaranaya says:

      මේ සියල්ලම පඩ ශෝ! අපට මතකයි ආප්ප කාලා මාරුවුනි හැටි

    • nomatata says:

      Matath hithune ekamai. Chandaya pakshawa 51 viruddawa 2. JO we 55 chande dunnanam meka paradai. Eth ehema novune ayi????

      • Suba Anagathayak says:

        රනිල් රටට නරක බව ඇත්ත. නමුත් රනිල් සහ සිරිසේන අතර ඇත්තේ බලු බෙට්ටක සහ බළල් බෙට්ටක අතර ඇති වෙනස වගේ වෙනසක් පමනයි. රනිල් එලවා සිරිසේන ගලවා ගන්නවාද? නැත්නම් රනිල් සහ සිරිසේන දෙදෙනාම එකවර කුණු කූඩයට දමනවාද? යකුනේ, තව අවුරුද්දක් හමාරක් ඉවසලා ඉන්න බැරිද?

        • Amda says:

          නියම උපමාව! 😀 😀 😀

        • Puri says:

          අවුරුද්දක් හමාරක් ඉවසන්න ගියොත්, රනිල් තියා ගත්තොත් අපිට ඉන්න රටක් ඉතුරු කරන එකක් නැහැ. දැනටමත් රණවිරුවන් පාවාදෙන පනත සම්මතයි. සක්‍රිය බැරකම් පනත සම්මතයි. ඊලඟට එට්කා අත්සන් කරයි අපේ රනවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරන් පත්කල අධිකරන ඇතිකරයි. ෆෙඩරල් ව්‍යවස්තාව සම්මත කරගනීයි. බෙටි නම් කොයිවත් ගඳ තමයි. ඒත් බලල් බෙටිත් බේතට උවමනා වෙන වෙලාවල් තියනව. ගඳයි කියලා ලෙඩට බේත් නොකර ඉන්න බැහැ නේද.

        • Boo says:

          එකවර අත් දෙකන් බෙටි දෙකක් ඇහිලීම ප්රායෝගිකව අමාරැ බව අපි කවුරැත් දන්න දෙයක්. ඒ නිසා වරකට එක බෙට්ට ගානේ අරන් විසි කිරීම තමයි හරි ක්රමය. සියල්ල එකවරම කර ගැනීමට පොඩි එවුන් මෙන් නෙඉවසිලිමත්ව කටයුතු කිරීමෙන් තමන් අතේ බෙටි දෙකම නා ගැනීමට සිදුවිය හැක.

  3. අමන්දා says:

    ඉදිරි මහ මැතිවරණයේදී කුමණ දේශපාලන පක්ෂයක වුවත් රටට ආදරේ කරන ජනතා නියෝජිතයින් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව දැන් සිටම දැනුවත් කල යුතුයි.සල්ලි මළු වලට පැත්ත මාරු කරන එකෙකුටවත් ඡන්දය දෙන්න එපා.

  4. Samitha Gamage says:

    ඔබ මගේ හොරු රකින්න.. මම ඔබේ තනතුර රකින්නම්… මරු

  5. Love nature says:

    රටට ආදරය කරන්නේ නම්…. ජනාධිපති ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් කළ යුතුයි

  6. Buddhist says:

    Ada chanda deepu eveunva amathaka karala, Mahinda ekke deal dala, Mahinda ge pawle rakina Janadhipathi Maithree “Throhiyek”.

    • Boo says:

      ඒ වගේම රට කාපු බැංකු හොරැන්ව රකින බෞද්ධ නමින් පෙනී සිටින දේව වාදී ⁣මිසසිටුවනුත් ⁣ද්රෝහියෝම වෙත්.

  7. ratawesiya says:

    okkomala balaya, sepasampath, paula, thanathru gena balanawa misak
    mun ekekwatha ratata aadare netha
    deemana wedi karagatta
    gewal kulie wedikaragatta
    lipidravya deemana wedi kara gatta
    padi wedikaragatta
    miun parliment enawath 2500 dinakata gannawa
    petrol. durakathana. nikan wahan tax free
    genun daruwo paule ewunta rassawal deela rajaye wahan paha haya gedarawala
    thawa de passe kiyannam JANATHAWA EKAWELAK KANAWA HENA WEDIYAW

  8. Gongalegoda Bandara says:

    JAYAWEWA !!! Sewalayage sewalakama wela demeemata konda hondata kelin thiyena nirbheetha Sinhalayeku awashyaya. Meya nam ithama honda thathwayaki. SWASTHI SIDDHAKM !!!

Main News