රනිල් පන්නන්න එජාපයෙන් ගෙනෙන විශ්වාස භංගයට සහාය දෙනවා..- ඒකාබද්දය නිල වශයෙන් කියයි..

February 27, 2018 at 11:20 am | lanka C news
රනිල් පන්නන්න එජාපයෙන් ගෙනෙන විශ්වාස භංගයට සහාය දෙනවා..-  ඒකාබද්දය නිල වශයෙන් කියයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එ‍රෙහිව ඕනම අයකු ගෙන එන විශ්වාසභංග යෝජනාවකට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය හිමිවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා පඹණක් නොව වර්තමාන ආණ්ඩුව ද අනිවාර්යෙන්ම ගෙදර යැවිය යුතු බව පැවසූ රණතුංග මහතා ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය ඕනෑම අවස්ථාවක ‍අත් දෙකම ඔසවා සහයෝගය පළ කරන බවත් අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මිනුවන්ගොඩ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාලිත රංගෙ බණ්ඩාර මහතා සූදානම් වන බව මම මාධ්‍යවලින් දැක්කා. රංගෙ බණ්ඩාර මහතා නොව ඕනෑම අයෙක් අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග ‍යෝජනාවකට සහයෝගය දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්.

අගමැතිවරයාට හෝ මෙම ආණ්ඩුවට මේ රටේ පාලනය ගෙන යන්න සදාචාරාත්මක අයිතියක් නොමැති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලැබුණු ප්‍රතිඵලයත් සමඟ පැහැදිලි වුණා. මේ ආණ්ඩුවට හෝ අගමැතිවරයාට රටේ බහුතර ජනමතයක් නැහැ. මේක දැන් පින් ආණ්ඩුවක්.

මේ ආණ්ඩුවත් අගමැතිවරයාත් ගෙදර යැවිය යුතුයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහාම කටයුතු ආරම්භ කළා. නමුත් අගමැතිවරයා රැකගත යුතුය යන විශ්වාසයේ දැඩිව එල්බ සිටින ජනාධිපතිවරයා නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණා.

අපි අදටත් ඉන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යා යුතුය කියන මතයෙයි. ඒ වෙනුවෙන් අපි ඉදිරියටත් සටන් කරනවා. ඒ නිසා මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ආවොත් ප්‍රතිපත්තිමය කාරණා උඩ සහයෝගය ලබා දෙන්න අපි පැකිලෙන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිතට එකඟව කටයුතු කරන ඇමැතිවරුනුත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහයෝගය දෙන බව මට විශ්වාසයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකින් මෙම විශ්වාසභංගය යෝජනාව ජයග්‍රහණය කිරීමට බැරිකමක් නැහැ.

ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටිනවා තවදුරටත් බැඳුම්කර අගමැති රකින්නේ නැතුව ජනමතයට හිස නමා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙනැවිත් හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියලා. ‍එහෙම නොවුණොත් පාර්ලිමේන්තුවේ බහුතරය එකතු වී එම තීන්දුව ගන්නා දවස වැඩි ඈතක නොවේ කියලත් මම කියන්න කැමැතියි.

– ප‍්‍රදීප් අනුර කුමාර

11 views

9 Comments to “රනිල් පන්නන්න එජාපයෙන් ගෙනෙන විශ්වාස භංගයට සහාය දෙනවා..- ඒකාබද්දය නිල වශයෙන් කියයි..”

  1. Gon_Chathura says:

    අනේ ගොනෝ, මොන බම්බුවට ඔය උලව්වට සහයෝගය දෙනවද.? ඕක ඉන්නකම් ඔයගොල්ලන්ට හොඳයි කියල තේරෙන්නේ නැද්ද.? 2001 බලය ගත්ත, අවුරුදු දෙකෙන් දුන්න, මේ පාර විතරයි අවුරුදු තුනක්වත් තියන් හිටියේ, අයිත කාලේ ඉවර වෙන්ඩත් කලින් ආයිත් දෙන්ඩ යනවා. එහෙම මනුස්සයෙක් එළවන්ඩ මෝඩයෝ වෙනද ඕනේ.

  2. බන්ඩා says:

    ඒකාබද්දය විසින් යුගයේ අවශ්‍යතාවය ඉටු කරන එක ගැන හරිම සතුටුය්. ඔට්ටුය් සිරිසේන කෙලින් හෝ වක්‍රාකාරයෙන් හෝ රනිල්ව බේරා ගන්නවා.

  3. rathne says:

    Pohottuwa should not support to get out of Ranil as PM. It is a foolish idea. He did win any election of last 25 years. He is unpopular among some of the UNP supporters but also unpopular majority of population. Think of future direction.

  4. rathne says:

    Pohottuwa should not support to get out of Ranil as PM. It is a foolish idea. He did not win any election of last 25 years. He is unpopular among some of the UNP supporters but also unpopular majority of population of Sri Lanka. Think of future direction.

  5. namal says:

    mu pacha kelinawa. rajathuma call karala Ranilta gedara yanna epa kiyanawa. mu gahaniyekge katahadin kiyana dewal ekabaddaye anthima theeranaya nemeyi.mu hire yanna wena bawa danna nisa heenen bayawela katahadath lagadeema gahaniyak wagema wenawa. eeta passe kawuru hari muta sariyakwath andawapalla

  6. Ex-UNP api says:

    apith sahaya denawaa. me sere chandedith kale ekayi. eyaa hithaagena hitiye nomile Wi-Fi dunnama minisunge bada pirenawa kiyala.ratak goda naganna nam seratam kalin mahajanathaawa negittawanna awshyayi.edaa rina -dhana karanna gihin kelawa gathha medaa Wi-Fi kawala kelawa gaththa.den thwaale hondatama odu duwala.kakula kapannama thamayi wenne rajo.

  7. Gayantha says:

    Unp ekata naigitinna denna epa aluth nayakayek ekka. Mai lon halichcha hampadaa ranilawa thiyaganna puluwan nan support ekak denna ( maha chandayak kittu karala wiswasabangayak genawata awulak nai ethakota eke wasiyat pohottuwata ganna puluwan lesiyenma ) Ilaga maha chande saha janapathi satana saihenna waidi chanda ganakin pohottuwata dinanna puluwan.

  8. nanayakkara says:

    නිවුි්ිස් එකක් පමණයි. සල්ලි මිටි වලින් හෝ ඇමතිකම් වලින් කෑ ගහන අයගේ කටවල් වැහෙයි. ඉල්ලංකාවනේ

Main News