රනිල් පන්නන්න එජාප මහ සමුළුවක් කැදවයි..

March 6, 2018 at 3:50 pm | lanka C news
රනිල් පන්නන්න එජාප මහ සමුළුවක් කැදවයි..

අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීම පක්ෂයේ විශේෂ මහ සමුළුවක් කැඳවා යෝජනා සම්මතයකින් සිදු කළ යුතු බව එජාපය ප්‍රතිසංවිධානය කිරීමට මුල් වී ක්‍රියා කරන කණ්ඩායම තීරණය කර ඇතැයි ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවකින් පක්ෂ නායකත්වය වෙනස් කිරීමට අදහස් කළත් එහි වැඩි බලය වත්මන් නායකත්වය සතුව තිබීම නිසා යෝජනාව පරාජයට පත්වන බැවින් පක්ෂයේ මහ සමුළුවක් කැඳවා, යෝජනාව සමුළුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු බවට එම පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් එක්ව පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය වී ඇත.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා විවිධ කමිටු පත්කර යෝජනා ලබාගැනීමට නායකත්වය කටයුතු කරමින් ප්‍රශ්නගත කරුණ වෙනත් දිශානතියකට යොමු කර ඇති බවත් මීට ඉහත නායකත්වය වෙනස් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වූ අවස්ථා කිහිපයකදීම අනුගමනය කළ ක්‍රියා පිළිවෙතම අදත් ක්‍රියාවට නංවා ඇතැයි මේ සාකච්ඡාවේදී එ.ජා. පක්ෂයේ ජේ‍යෂ්ඨයකු පෙන්වා දී තිබේ.

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි පිරිසකගේද අදහස වී ඇතත් ඇතැම් අය නායකත්වය විරසක කර ගැනීමට ඇති අකැමැත්ත නිසා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද මේ සාකච්ඡාවේදී පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු විසින් පෙන්වා දී තිබේ.

පක්ෂය කඩිනමින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා නායකත්වයෙන් වහා ඉවත් වන ලෙස සියලුම ශාඛා සමිති මඟින් රනිල් වික්‍රමසිංහ වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මේ සාකච්ඡාවේ තීරණය වී තිබේ. එජාප නායකත්වයෙන් වහාම ඉවත් වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට බලකිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් රටපුරා පැවැත්විය යුතු බවටද එජාපයට සම්බන්ධ තරුණ මන්ත්‍රිවරු පිරිසක් මේ සාකච්ඡාවකදී යෝජනා කර ඇති බවද දැනගන්නට ඇත.

එජාප නායකත්වය ඉවත් කිරීම සඳහා අගමැතිවරයාට බලකිරීම සඳහා වන සාකච්ඡා කොළඹදීත් පිට පළාත් කිහිපයකත් ඉකුත් සතිය මුළුල්ලෙහිම පවත්වා ඇත.

මේ අතර සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු එජාප ක්‍රියාකාරීන් පිරිසක් විසින් එජාපය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණු ඇතිව එජාපය සුරැකීමේ ජාතික සංවිධානය යනුවෙන් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

එජාපයේ හිටපු මන්ත්‍රිවරයකුගේ මෙහෙයවීමෙන් එම සංවිධානය දෙහිවල පිහිටි ඔහුගේ නිවෙසේදී පෙරේදා සවස පිහිටුවාගත් බව ඊට සහභාගි වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් අනාවරණය කෙළේය.

– mawbima

9 views

5 Comments to “රනිල් පන්නන්න එජාප මහ සමුළුවක් කැදවයි..”

  1. රතු අලි says:

    දේ කරන්න ඉස්සර පොඩ්ඩක් කල්පනා කරලා බලන්න…!

  2. Sadda says:

    රනිල් උන්නන්සේ ඔබ එක බල්ලෙක් ටවත් ඕකෙ නායකයෙක් වෙන්න දෙන්න එපා. සදහටම නායකත්වයේ සැතපෙමින් කල් ගෙවන්න. ඒක රටට හොදයි .

  3. දැන් මොකද කොරන්නේ says:

    හදිසි නිතිය දැම්ම. ඔක්කොම කචල් හලාස්. විසි විස්සේ විසේ.

  4. ExUNPer says:

    But… the truth is, within UNP, you cannot find any decent person better than Ranil.
    Some are highly immatured.
    Some have no decency or principles.
    Everyone is some kind of a joker,
    except for some hidden / silent true UNP gentleman.

Main News