රනිල් පන්නන්න සිරිකොත වටලති.. උණුසුම් තත්වයක්.. අසරණ රනිල් සිරිකොතෙන් පනී…
August 19, 2020 at 10:12 pm | lanka C news
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ කලබලකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එකවර පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ඉල්ලා අස්වන ලෙස බල කිරීම නිසා මෙම උණුසුම් තත්වය ඇතිවී තිබේ.
එක්සත් ජාතික පක්ෂය සමඟ සමීපව කටයුතු කරන පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ විස්සකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
භික්ෂූන් වහන්සේලා විසින් දැඩිව වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත්තේ නායකත්වයෙන් ඉල්ලා අස්වී හිටපු කථානායක කරු ජයසූරිය මහතාට නායකත්වය බාර දෙන්නේ යයි ලිඛිත සහතිකයක් ලබා දෙන ලෙසයි.
නමුත් රනිල් වික්‍රමසිංහ එය ප්‍රතික්ෂේප කරමින් දන්වා ඇත්තේ තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් මීළඟ නායකයා තෝරන දවසට කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කරන ලෙසත්ය.
එම උණුසුම්කාරී තත්ත්වය ඇතිවී ඇති එහිදීය.
පසුව භික්ෂූන් වහන්සේලා එහි සිටිය දී වික්‍රමසිංහ මහතා ඉවත් වී ගොස් ඇත.