රනිල් පන්නන සටන යලි ඇවිලෙයි.. ව්‍යවස්ථා හරඹයකින් රනිල් ඉවතට..

May 19, 2018 at 3:00 pm | lanka C news
රනිල් පන්නන සටන යලි ඇවිලෙයි.. ව්‍යවස්ථා හරඹයකින් රනිල් ඉවතට..

එලැඹෙන සැප්තැම්බර් මාසයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට එම පක්‍සයේ කණ්ඩායමක් සූදානම් වෙමින් ඇති බව වාර්තා වේ.

එජාප ව්‍යවස්ථාවේම ඇති වගන්ති කිහිපයක් යොදා ගනිමින් මෙම කටයුත්ත සිදු කිරීම ඔහුනගේ අරමුණයි.

වික‍්‍රමසිංහ මහතා 2012 සැප්තැම්බරයේදී පැවති පක්‍ෂ ක්‍යෘත්‍යාධිකාරි මණ්ඩලයේදී නායකයා ලෙස පත්ව ඇත්තේ වර 06ක කාලයක් සදහා වන අතර එළැඹෙන සැප්තැම්බරයේදී ඔහුගේ ධුර කාලය අවසන් වෙයි.

ඉන් පසු නැවත පක්‍ෂ නායකත්වයට පත් වීමට මෙම සැප්තැම්බර් මාසයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග විය යුතු අතර ඒ සදහා අනුමැතිය ලබා නොදීමට කටයුතු කිරීමට මෙම පිරිසේ අරමුණයි.

ඒ සදහා දනටමත් සාකච්චා පැවැත්වෙන්නේ යයි වාර්තා වන අතර ඉන් පසුව පැවැත්වෙන නිලවරණයේදී එජාප නායකත්වය සදහා වෙනත් පත් කිරීමටද සැලසුම් කර සිටී.

2 views

6 Comments to “රනිල් පන්නන සටන යලි ඇවිලෙයි.. ව්‍යවස්ථා හරඹයකින් රනිල් ඉවතට..”

  1. Karu says:

    ඕන් ඉතින් ආයෙත් නායකයෙක් හොය හොයා පත්තරේ දැන්වීම් දාන්න යනව!

  2. Hoo N P Kaaraya says:

    Kruthyadikaari mandalayen ahanna yanne mona moda kamatada. Mandalaye wedi hariyak inne lokkage minissu. Wedak wenne naha. Naduth haamuduruwange baduth haamuduruwange!
    Wetath niyarath goyam kaa nam kaata pawasam me awanaduwa?

  3. Dushantha says:

    හා හා රනිල් එලවන්ඩ ? හූ ඈම් පියෙ සදාකාලික නායකයා රනිල්. ඒකට අකමෑති උන් හූ ඈම් පියෙන් පලයල්ලා

  4. David Milli-banda says:

    Rani wa elawanda epo !!!!!!!!!!!!!

  5. හය දොළහ වෙනවා - බල්ලෝ බුරාවී- ගැල ඉදිරියට යාවි. says:

    හය දොළහ වෙනවා – බල්ලෝ බුරාවී- ගැල ඉදිරියට යාවි. සිග්නල් නැතුවත් අගුරු වලින් දත් මදින්න පුලුවන් බ්‍රෝ.

  6. Kelum says:

    Karana wedakamak Gena Katha karanawa halo .ekaparak elawanna gihilla pakshayakui eke jandipathiy media ekakuy 16 k ekka pacha una mathaka nedda ?

Main News