රනිල් පුරුදු සූදුවේ.. තවත් දවස් 05ක් කල් දමයි.. සජිත් පිල නොසන්සුන්.. පාර්ලිමේන්තුව විසුරුවීම අත ලගටම එයි..

February 6, 2020 at 3:28 am | lanka C news
රනිල් පුරුදු සූදුවේ.. තවත් දවස් 05ක් කල් දමයි.. සජිත් පිල නොසන්සුන්.. පාර්ලිමේන්තුව විසුරුවීම අත ලගටම එයි..

අදදිනයේ පැවැත්වීමට දින නියම කරගෙන තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව එළැඹෙන සදුදා දින දක්වා කල් දමා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබිණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊය් දිනයේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම විසින් යෝජනා සම්මත කරගෙන ඇත.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් පවසන්නේ එය නීත්‍යනුකූල නොවන පත්වීමක් බවයි. මන්ද සන්ධානයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ වැඩ බාර නොගත් නිසා ඔහුට කිසිවෙකු පත් කිරීමට බැරි බව එම පාර්ශ්වයේ අදහසයි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විවිධ උපායමාර්ග අනුගමනය කරමින් මහ මැතිවරණය තෙක් කල් මරමින් සිටින බවය.

103 views

4 Comments to “රනිල් පුරුදු සූදුවේ.. තවත් දවස් 05ක් කල් දමයි.. සජිත් පිල නොසන්සුන්.. පාර්ලිමේන්තුව විසුරුවීම අත ලගටම එයි..”

  1. G says:

    Ha…ha…haaaaaa

  2. බන්ඩා says:

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය ට අන්ත පරාජයක් ලබන බව රනිල් දන්නවා. දැන් රනිල්ට ඕනෑ සජී පරද්දල එජාප නායකත්වය රැකගන්න එකය්.

  3. media says:

    රනියා ගැන කතා කරන්නේ මොකටද ? අපේ රටේ දේශපාලනයට අනවශ්‍යම පුද්ගලයෙක් නේද ? 1977 දේශපාලනයේ ඉදලා විවිධ චෝදනා මැද 1994 විපක්ෂ නායක වුනා. 1994 ඉදලා අවුරුදු 26 ක් අපේ රටට කරපු දෙයක් තියෙනවද ? ලිප්ටන් වටරවුමේ හෝන් ගහලා පරිසර දූෂණය කරපු මෝඩයෙක්. අපි රජයට ගෙවන බදු මුදල්වලින් සුපිරි ජීවිත ගත කරපු එක විතරයි කරලා තියෙන්නේ. මේ රට යුරෝපයේ කොලනියක් කියන දෘෂ්ටියක් තියෙන පුද්ගලයෙක් රනියා. 1999 රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් දෙනකොට පත්වීමක් දීලා අපේ රටේ දේශපාලනයෙන් අයින් කරන්නයි තිබුණේ. මේ පුද්ගලයා ඊළග මහ මැතිවරණෙන් පරද්දන්න යූඑන්පී පාක්ෂිකයෝ හිතන්න ඕන. ජාතික ලැයිස්තුවෙන්වත් අපේ රටේ පාර්ලිමේන්තුවට පත් නොකල යුතු බව හිතන්න.

  4. Saradiel says:

    පාර්ලිමේන්තුව විසුරුවීම නිසා කිරිබත් කන්නඅපිට තව අවස්ථාවක් ජය පොහොට්ටුවට

Main News