රනිල් බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවයි..?
December 7, 2016 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර එන වසර සදහා නව සැසියක් ආරම්භ කළහොත් මහ කොප් කමිටුව විසින් මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සභාගත කර ඇති වාර්තාව නිශ්ප්‍රභ වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
මෙම සැසිවාරය විසුරුවා අරඹන නව සැසිවාරයකදී කෝප් වාර්තාවට වලංගුතාවක් නැති බවද කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මීට පෙර වතාවකද පාර්ලිමේන්තුව විසුරුවා අගමැතිවරයා සහ මහ බැංකුවේ හිටපු අධිපති ගැන තොරතුරු හෙළිදරව් වීම වැළැක්වූ බවද සිහිපත් කලේය.
‘ගිය වතාවේ ජනාධිපති කිව්වෙ රනිල් බේරගන්න ඕන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා කියලයි. ඒ කෙටි වාක්‍යය තුළ විශාල කතාවක් ගැබ්වෙනවා’