රනිල්-මලික්-මංගල-කබීර් රටේ ආර්ථිකය වැනසුවා..- ඇමති ජෝන් රතු කට්ට පැන කට අරී.. එජාප-ශ‍්‍රීලනිප හවුල් දීගය අවසන් වන්නට තව එක දවසයි..

December 29, 2017 at 10:45 pm | lanka C news
රනිල්-මලික්-මංගල-කබීර් රටේ ආර්ථිකය වැනසුවා..- ඇමති ජෝන් රතු කට්ට පැන කට අරී.. එජාප-ශ‍්‍රීලනිප හවුල් දීගය අවසන් වන්නට තව එක දවසයි..

වත්මන් ආණ්ඩුවේ මුළු ආර්ථික අංශයම පාලනය කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂය බව කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම් යන එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් විසින් ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් රටේ සමස්ථ ආර්ථිකයම හසුරුවන්නේ ඔවුන් විසින් බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඔවුන් විසින් මෙතෙක් ගන්නා ලද තීන්දු තීරණවල විශාල ආසාර්ථකත්වයක් තිබෙන බවත් පවසන ඇමතිවරයා ජනතාව ප‍්‍රසිද්ධියේ ආණ්ඩුවට විරුද්දව අදහස් පල කරන තැනට පත්ව සිටින බවද කියා සිටී.

මේ ආණ්ඩුවේ තව දුරටත් ඉන්නේ ඇයි කියා ජනතාව අසන බවත් නමුත් තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේ අපේ රටට ආණ්ඩුවක් උවමනා නිසා බවත් ඔහු අවධාරණය කරයි.

එජාපයේ ඇතැමුන් විසින් ගන්නා තීරණය සම්බන්ධයෙන් තම නොසතුට පල කරන බවද ඇමතිවරයා වැඩි දුරතේ කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන හවුල් ආණ්ඩුව අවසන් වන්නට ඇත්තේ මෙම දෙසැම්බර් 31 වැනිදාය.

41 views

11 Comments to “රනිල්-මලික්-මංගල-කබීර් රටේ ආර්ථිකය වැනසුවා..- ඇමති ජෝන් රතු කට්ට පැන කට අරී.. එජාප-ශ‍්‍රීලනිප හවුල් දීගය අවසන් වන්නට තව එක දවසයි..”

  1. Jonaa'S Brother says:

    ජෝන් අයියේ ඔයාද, සබරගමුවේ සධ්දන්තයා, කෝ අස්වුනාද බන්,උඹ හරියට ගාල්ලේ ගහයට හොර බෙහෙත් තෙල් විකුනන වෙදා වගේ ,තෙල් බෙද බෙදා මැසිවිලි කියනවා, කිසිම රසයක් නැහැ. උඹත් “බොතල් සිරා” වගේමයි, ඒකාව බැඳුම්කර වාර්තාව තවම කියවනවද බන්, තීරන ගන්නවා කිවේ කවදද,ඉන්ග්‍රිසියෙන් සටහන් ඇති නිසා කල් යනවා ඇති. , කියන්නේ එකක් කරන්නෙ එකක්, අනේ මුන්ගේ නරි වාදන්.
    කට්ට සුසිලගෙ කතාව කොහෝමද , ඌවත් බෙනේ ඉන්න රිලවා වගෙ

    • Kuveni says:

      Who supported them to destroy the country?

      It is Sirisena amply supported by you.

      You are an equal partner in destruction since you have supported every destructive act of the government.

      John and Susil intentionally try make dents in the anti government forces for their personal benefits.

  2. Karu says:

    කිය කිය ඉන්න එක එපා ණූනත් අහලම අපට එපා වෙලා.
    මගේ ජංගියෙ කවුද කක්ක දාල කිව්වලු.

  3. Trumph says:

    මූත් අර වරාය විකුනන්න අත උස්සපු එකෙක් තමා කලින් ආව ලංසත් ඒ කෙක්ම තමා.

  4. Free says:

    “මේ ආණ්ඩුවෙ අපි ඉන්නෙ මේ රටට ආණ්ඩුවක් ඕන නිසා.”
    ඒ කියන්නෙ මේ ජෝන් උන්නැහෙයි අර ජෝන් උන්නැහෙයි දෙන්නම ගන්නෙ එකම පෙත්තද​?

  5. Rohitha says:

    mechchara hariyak unp iya karanakal obathuma karabagena hitapu eka thama waeradda.

  6. Hoo N P Kaaraya says:

    Meyata danui aththa awaboda wela thiyenne. Janathawa therum arang hungak kal. Dan oya baila gahawuwata thamantath wagakeemen nidahas wenna baha. Kumbala maalu kawanam vindawapan balalo kiwwalu.

  7. Pina says:

    අපේ ආන්ඩුවේ ජෝන් අයියල දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නම එකයි. මේ මම පිනා උනත් උන්ට වඩා තේරෙනව ගොට්ට අල්ලන් ඉන්න හැටි.

  8. Upali says:

    මොහුට ආත්ම ශක්තියක් නැත. පිට කොන්දක් නැත. සදාචාරයක් ද නැත. කරන්නෙ වැරදි බව දන්නවා නම් එවා ක්‍රියාත්මක කිරීමට අත උස්සල කැමත්ත පල කලේ ඇයි.

  9. kudda says:

    Kudu John nakiya den gedara palayan

  10. Ratnatilakapatiranage says:

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ