රනිල්-මලික් සුපිරි ඇමතිලාට ශ්රීලනිප මහ ඇමතිවරුන් විරුද්දයි.. අවසන් තීරණය ජනපති අතේ..
December 20, 2016 at 2:10 pm | lanka C news
අගමැති රනිල් වික්රමසිංහට හා ඇමති මලික් සමරවික්රමට සුපිරි බලතල ලැබෙන නව පනත් කෙටුම්පතට විරුද්ද වීමට ශ්රීලනිප මහ ඇමතිවරුන් විසින් සාකච්චා කරමින් ඇති බව වාර්තා වෙයි.
පළාත් සභාවලටද උඩින් මහ ඇමතිවරුන්ද අභිබවා මෙම නව පනතින් සුපිරි ඇමතිවරැන්ට බලතල ලබා දීමට යෝජනා වී ඇති බැවින් මෙම තීරණය ගත යුතු බව ඔවුන්ගේ අදහසයි.
කිසියම් පළාත් සභාවක මෙම පනත පරාජය වුවහොත් දේශපාලන වශයෙන් හවුල් ආණ්ඩුව අර්බුදකාරී තත්වයකට පත් වනු ඇත.
කෙසේ වෙතත් ශ්රීලනිප නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් අවසාන තීරණය කෙරෙනු ඇතැයිද දේශපාලන ආරංචි මර්ග වාර්තා කරයි.