රනිල්-මහින්ද එක්වෙයි.. ශ්‍රීලනිපයට-ජවිපෙට එරෙහිව 2/3 බලය පෙන්වයි.. පැරනි ක්‍රමයට මැතිවරණය පවත්වන්න පනත් සම්මතයට සූදානම්..
August 11, 2018 at 2:10 pm | lanka C news
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේම පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර මූලික එකඟතාවක් ඇති ව තිබේ.
මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතවරු සමග ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර සිදුව තිබේ. මෙම සාකච්චා පැවැත්වී ඇත්තේ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවබෝධය මත යයිද සදහන්ය.
එහිදී ඔවුන් එකඟතාවයකට පැමිණ ඇත්තේ පළාත් සභා මැතිවරණයක් පැරණි ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය අණ පනත් සම්මත කිරීමට සහයෝගයෙන් කටයුතු කිරීමටයි.
ඒ අනුව පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය හිමි වනු ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට විරෝධය පළ කළ ද ඇතිව තිබෙන නව තත්වය යටතේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය පනත් සම්මත කර පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැඩිම ඉඩකඩක් ඇතැයි ද වාර්තා වෙයි.
එන්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ ආසන 109ක් නියෝජනය කරන අතර ඒකාබද්ද විපක්ෂය ආසන 70ක් නියෝජනය කරයි. පාර්ලිමේන්තුවේ 2/3 සදහා අවශ්‍ය වන්නේ ආසන 150ක් පමණි.
මතක තබා ගත යුතු දෙයක් රනිල් නරියට වඩා කපටියෙක්
රනිල්ගෙන් හරි බලය බන්..කලු සුද්දන්ගෙ හිරගෙවල් ගැටය ට්ක්කෙටම වැඩ කරයි. දැන් හිටපල්ල පූස් පූස් කිය කිය…
මේ දෙන්නාම අගරදගුරැ මැල්කම් කාදිනල් රංජිත් දෙන උපදෙස් පිලිපදිනවා.
Who cares, RW is branded as deal rouge.
MR too
they are maching well
MR too
they are maching well
ඔය ගමන්ම ….. 19 සංසෝදනය කරන්න …..එතකොට මහින්දට අපහු චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයි …
පව් නේ මහින්ද?
me hema deyakma janathaa hitha suwa pinisa nowa, unge balaya reka geneema udesaaya.awurudu 70 ka shaapaya wenas kala yuthu kaalaya elamba etha.
උන් උන් උන්ගේ ඩීල් දාගත්තදෙන්.
දූෂිතයන්ගේ රාජ්‍ය පෙරලා දැමිය හැක්කේ වැඩ කරන ජනතාවටයි….ඩීල් දාසලාට නොවේ.
දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එකවී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!! ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!!
laankika purawesiyani… kaapiyawu thanakola