රනිල් මාවත් විනාශ කලා.. ඔහු රටට නොගැලපෙන කෙනෙක්.. 225ම අත්සන් කලත් අගමැතිකම දෙන්නෙ නෑ..- ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..

December 4, 2018 at 5:35 pm | lanka C news
රනිල් මාවත් විනාශ කලා.. ඔහු රටට නොගැලපෙන කෙනෙක්.. 225ම අත්සන් කලත් අගමැතිකම දෙන්නෙ නෑ..- ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..

රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සතියක කාලයක් තුල සම්පූර්ණයෙන් අවසන් කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම අර්බුදය නිර්මාණය කලේ තමන් නොව රනිල් වික‍්‍රමසිංහ මහතා යයිද ජනාධිපතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පැවති ශ‍්‍රීලනිප විශේෂ සමුළුව අමතමිනි.

වික‍්‍රමසිංහ මහතා රටට නොගැළපෙන දේශපාලනඥයෙක් බවත් කී ජනාධිපතිවරයා ඔහු විසින් තමාද විනාශ කල බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

2014 වසරේධී තමන් පොදු අපේක්‍ෂක වීමට ගත් තීරණය මෙන්ම ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට ගත් තීන්දුව ද නිවැරදි බවත් ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කලද රනිල් වික‍්‍රමසිංහ මහතා යලි අගමැති නොකරන බවත ජනාධිපතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

103 views

28 Comments to “රනිල් මාවත් විනාශ කලා.. ඔහු රටට නොගැලපෙන කෙනෙක්.. 225ම අත්සන් කලත් අගමැතිකම දෙන්නෙ නෑ..- ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය මෙන්න..”

  1. kevin says:

    ඔයා රටම විනාශ කළා…

  2. දඩෝර says:

    රනිල්ට බැරිනම් දෙන්නෙ කාටද කියල අහන එකත් යුතුකමක්.රාජිතට පාටලීට දෙන්න නම් කැමති ඇති.මේ දෙන්නම සජිත් ට වඩා උගත් නිසා.මහ මැතිවරනයක් එනකම් කෙටි කාලයකට නේ.ඉවසා වදාරන්න එතුමා ගේ තනතුරට ගරුකරන්න.

  3. AM says:

    You destroyed me. You are the problem, you destroyed MR and now you blame Ranil. Mama Baba, mama mokuth danne naha.You should resign. You are a fool and would not realise what damage you have done to the country.

  4. මිලි බන්ඩා says:

    සහතික ඇත්ත! රනියා නූතන දොන් ජුවන් ධර්මපාල.

Main News