රනිල්-මෛත‍්‍රී පාලනය 2030 දක්වා.. ආණ්ඩු කඩන්න උත්සහ නොකර වැඩක් බලාගෙන ඉන්නැ.. ඇමති මැතිවරු ඉදිරියේ ජනපති කියයි..

January 2, 2017 at 3:00 pm | lanka C news
රනිල්-මෛත‍්‍රී පාලනය 2030 දක්වා.. ආණ්ඩු කඩන්න උත්සහ නොකර වැඩක් බලාගෙන ඉන්නැ.. ඇමති මැතිවරු ඉදිරියේ ජනපති කියයි..

තිරසර යුගයක් එලි දැක්වීමේ ජාතික උත්සවය අමතමින් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ සියලු දෙනා රටේ ඉදිරිය ගැන සිතා කටයුතු කරන ලෙසත් එසේ නැතිව ආණ්ඩු කඩන්න හෝ හදන්න උත්සහ නොගෙන සිටින ලෙසත්ය.

මෙම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වූ අතර රජයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ඇතුලු රාජ්‍ය නිලධාරින්ද සහභාගි වූහ.

ජනාධිපති අගමැති දෙපල පමණක් මෙම තිරසර යුගයක් එලි දැක්වීමේ ජාතික උත්සවය අමතමින් කතා කල අතර මහාචාර්ය මොහාන් සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විද්වතුන්ගේ කමිටුවක් මේ සඳහා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව 2030 වසරේදී ශ්‍රීලංකාවේ දැක්ම වෙනුවෙන් අවශ්‍ය සංවර්ධන සැලසුම් ඔහුන් ඇතුළු රජයේ නිලධාරින් ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශ කරන ලදී.

මේ අනුව මෛත්‍රී-රනිල් සුසංයෝගය 2030 වනතුරු ක්‍රියාත්මක වනවා දැයි එහි සිටි බොහෝ පිරිස් කතා බව වූ අතර ජනාධිපතිවරයා විසින් ඔහු සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන් පැමිණ ආණ්ඩුවේ ඇමතිකම් ගත් උදවියට මේ හරහා යම් කිසි පණිවිඩයක් දුන් බව ශ්‍රිලනිප යේ ජෙෂ්ඨයෙක් මෙන්ම ආණ්ඩුවේ ඇමතිකම් දරන්නෙක් සදහන් කලේය.

14 views

28 Comments to “රනිල්-මෛත‍්‍රී පාලනය 2030 දක්වා.. ආණ්ඩු කඩන්න උත්සහ නොකර වැඩක් බලාගෙන ඉන්නැ.. ඇමති මැතිවරු ඉදිරියේ ජනපති කියයි..”

  1. love nature says:

    සිහිකල්පනාවෙන් කතිරය ගසන්නේ
    නැතහොත් පරාද අපි, උන් දිනන්නේ

  2. sunimal says:

    රනිල් 30 පාරක් විතර චන්ද පැරදුනා.අගමැතිකම් කරන ගමනුත් පැරදුන කෙනෙක් දැන් පන්නන කාලය හරි

  3. Lolla says:

    Mr. Clean

  4. lion says:

    රනිල්…..එදත් රට පාවා දුන්නා…..
    අදත් රට පාවා දෙනවා….. හෙටත් රට පාවා දෙනවාමයි…..!

    https://www.facebook.com/Gunawardena.Dinesh/videos/10152937729066680/?hc_ref=PAGES_TIMELINE

  5. gadol says:

    මෛත‍්‍රී ජනපති කිරීමට ඡන්දය දුන් 62ලක්ෂයක් වූ ජනතාව අඩි හයක් පොළොවෙන් යටට යැවීම සාපරාධී පාවාදීමක්

  6. saradieal says:

    රනිල් වටා සිටින එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් පමණක් නොව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ද ඔහු අතහැර යමින් මහින්ද සමඟ එක්වී රට ගොඩනගන්න කටයුතු කරනවා.

  7. sira says:

    Mahinda aawath ochcharayi… Mokuth wenne nehe… Bouthikamaya sanwardanayak wewi, namuth rata hambaya allanawa.

  8. පොළොන්නරුවේ පොඩි විජේ says:

    ජාති ද්‍රෝහීන් යන්නේ නැත්නම්- යවන හැටි අපි දන්නවා!

  9. asaranaya says:

    “තන්හා ජායති සෝකෝ”අනේ බොලව් 2030 වෙනකම්ම, තන්හාව උග්ග්‍රයි 5 ට ඇවිල්ලා 15 ක් ඉන්නයි ආශාව,
    කිව්වෙ කොහොමද , දැන් කොහොමද, ඔහෙම යන් නේද බන්.

Main News