රනිල් යලි ක්‍රීඩාවේ.. තනි පාර්ලිමේන්තු අසුනට ඔහු යෝජනා වෙයි..
September 7, 2020 at 12:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එම පක්ෂයේ 74 වැනි සංවත්සරයට එක් වෙමින් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්රතික්ෂේ කර සිටින නමුත් නව තත්ත්වයන් හමුවේ එම මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම වඩාත් සුදුසු බවට තමන් පෞද්ගලිකව සිතන බවයි.
”පාර්ලිමේනතුවට විසිවැනි සංශෝධනය ඉදිරියේදී ගෙන එනවා. ඒ අවස්ථාවේදී විසි වැනි සංශෝධන ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න, අදහස් දක්වන ඒ ගැන ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්න ඕන. මම පෞද්ගලිකව හිතන විදියට ඒ සඳහා සුදුසු ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා. එතුමාට ව්‍යවස්ථාව ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි අපි එතුමාට කිව්වේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගන්න කියලා. එතුමා නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපිත් මුලින් කිව්වා ගන්න එපා කියලා. නමුත් දැන් මම කියන්නේ මේ විසිවැනි සංශෝධනයත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු ම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා කියලා…”යි ද එයට හේතු පැහැදිලි කරමින් අර්ජුන රණතුංග මහතා පැවසීය.
– තමීර මංජු
අර්ජුන රනිල් දෙන්නගේ වෙනසක් නෑ. අර්ජුනත් බිංදු ගහන්දිත් කැප්ටන් කමෙන් ඉවත් උනේ නෑ. අන්තිමට අයින් කරනකම්ම හිටියා. .දේශපාලනයට ඇවිත් තම සනුහරේ දාගෙන හොරකම් කලා හැර වෙන දෙයක් කලේ නෑ . කුණු බක්කියටම වැටිල ඉන්න අර්ජුන හදන්නේ රනිල්ගේ නැට්ටේ එල්ලිලා පක්ශයේ තනතුරක් ලබා ගැනීම .
රනිල්ට ලැජ්ජත් නෑ, ඌ වටේ ඉන්න හිපටුවන්ට ලැජ්ජත් නෑ, උන්ට කඩේ යන උන්ට ලැජ්ජත් නෑ
Yes Arjuna is correct he is the only person who can do something in this situation
මේ මනුස්සයා මොකටද අපේ රටේ දේශපාලනයට ? පාර්ලිමේන්තුවට පත් කරගෙන අපි ආණ්ඩුවට ගෙවපු බදු මුදල්වලින් සුපිරි ජීවිත ගතකරනවා. 1994 ඉදලා අපේ රටට කරපු දෙයක් තියෙනවද ? රට විනාශ කරපු එක විතරයි.
අර්ජුනට මුකුත් දෙන්න එපා, ඕකා යන තැන යන්නේ අර සංජීව රණතුංග කියන හොර තක්කඩියා අරං. තව අයියලා මල්ලිලා ඉන්නවා උන් ඔක්කොටම හොඳට හොරකං කරන්න රජයේ පත්වීම් දෙනවා. මං දන්නා නිසා කියන්නේ.
ARJUNA RANIL WA AY THAMUSE YOJANA KARANNE.CREDIT EKAK GANNADA.MINIHA THAMANGE EXPERIENCE PAVICHCHI KARALA PAKSE WALA PALLATA ARAPU EKAY,NAYAKA KAMA RAKA GATHTHA EKAY VITHARAY NEDA
KALE.RATATA MINISUNTA DANENNE MONA BIJJADA KALE.YHAMUSELATA MOLE NAA OY
UNP APATA NAM RANIL YANU LOM HALICHCHA NAKI PIN GONEK PAMANI