රනිල් යලි පාර්ලිමේන්තුවට.. තීන්දුව ඒකමතිකයි..

April 15, 2021 at 12:00 pm | lanka C news
රනිල් යලි පාර්ලිමේන්තුවට.. තීන්දුව ඒකමතිකයි..

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාර ගනු ඇතැයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා ලද ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉදිරියේදී සූදානමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

අබේවර්ධන මහතා මෙසේ පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

19,567 views

18 Comments to “රනිල් යලි පාර්ලිමේන්තුවට.. තීන්දුව ඒකමතිකයි..”

  1. ජනජය says:

    මේක අන්තිමට වෙන්නෙ මෙහෙමයි කියල අපි දැනගෙන ගොඩක් කල් දොරේ !

  2. Banda says:

    මහින්දට තවත් මන්ත්‍රී දූරයක් හිමි උනා .

  3. පුියන්ත says:

    රට අස්ථාවර කරලා යු ඇන් පී එකයි නිදහස් පක්ෂයයි විනාශකරපු ශාපයෙන් බෙිරෙන්න බැහැ පාර්ලිමේන්තු ඇවිත් රනිල්ටවත් සිරිසේනටවත් කවමදාකවත්

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කවුරු කෙසේ කීවත් රනිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.ඒ විතරක් නොවෙයි සජබෙ ඉන්නා සියලු දෙනා රනිල් වෙත ගොස් ඔහු විපක්‍ෂ නායක කල යුතුයි. තනතුර හෑල්ලු කරන පුතාණෝ ගෙදර යා යුතුයි.

Main News