රනිල් රකින සටනින් විජේදාස-රවි Missing.. පළුවක් ගලවාගෙන මහින්දට එක්වන බවට වාර්තා.. එජාපය බයභීත වේ..
October 28, 2018 at 10:00 am | lanka C news
ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිය දේශපාලන ජීවිතයේ අතිව තිබෙන අසීරුම තත්වයේදී ඔහු වෙනුවෙන් සියලු එජාප මන්ත්‍රීවරුන් සැලකිය යුතු මට්ටමකින් පෙනී නොසිටීම ගැන එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන ඇත.
විශේෂයෙන්ම හිටපු ඇමතිවරුන් වන රවි කරුණානායක මහතා සහ විජේදාස රාජපක්ෂ මහතාද මෙම තත්ත්වයේදී දැඩිලෙස මුනිවත රැකීම හේතුවෙන් එජාප මන්ත්‍රී කණ්ජඩායම දැඩි වික්ෂිප්ත භාවයට පත්ව සිටී.
ඇතැම් තහවුරු නොකළ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රවි කරුණානායක මහතා එජාප මන්ත්‍රීන් විශාල පිරිසක් සමඟ නව ආණ්ඩුවට වෙනත් කණ්ඩායමක් ලෙස සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බවයි.
විජයදාස රාජපක්ෂ මහතා ද මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වනු ඇති බවට තහවුරු නොකළ වාර්තා සඳහන් කරයි.
මේ දිනවල අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින එජාප මන්ත්‍රීවරුන් සිය පාක්ෂිකයන්ට ආණ්ඩුව රැක ගැනීමට එන්නැයි ආරාධනා කිරීම දිගින් දිගටම කළ ද මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනා කිසිදු සාධනීය මැදිහත්වීමක් ඒ සම්බන්ධයෙන් නොකිරීම නිසා එජාප මන්ත්‍රී කණ්ඩායම තැතිගන්මකින් සිටින්නේ යයිද සදහන්ය.
රනිල් රැුකගන්න අරලිගහ මන්දිරයට එන්නැයි පාක්ෂිකයන්ට දිවා රැයේ ආරධනා කලද එහි මංගල උත්සව ශාලවෙන් අඩක් හෝ පිරෙන්නට ජනතාව නොපැමිණීම ගැනද මන්ත්‍රී පිරිස විස්සෝපයෙන් සිටිතැයිද මේ අතර දැනගන්නට ඇත.
පාර්ලි. මැතිවරණයක් අත්‍යවශ්‍ය වුවද මැති සභය විසුරුවීමට නොහැකිය.
හොඳම දෙය පැමිණෙන සියල්ලන්ට දොරටු විවුර්ත කිරීමයි.
රවි කරුංකනායකම් වත් කිට්ටු කර ගන්ඩ එපා.
ඌ පට්ට හොරා!
Wijedasa saha Ravi Mahinda ekke ekawwunoth un dennage deshapalanaya iwarai.
Mahinda mahaththayo…Kaarunkanaayakaya nam peththa palaathe wedda ganna epaa. kiri kalayata goma binduwak daa gaththa wage wevi.bendumkara magadiya kala heti mathakane.
Mr. Wijedhasa Rajapakse is a great patriot. Joining him with Mahindha- Maithree coalition
is good for the nation!
Raviya is a world-famous rogue.
He should be in prison not in parliament.