රනිල් ලයිස්තුවෙන් යලි එයි.. පාර්ලිමේන්තුවේ තනතුරක් ඉල්ලයි..

August 21, 2020 at 1:20 pm | lanka C news
රනිල් ලයිස්තුවෙන් යලි එයි.. පාර්ලිමේන්තුවේ තනතුරක් ඉල්ලයි..

මෙවර ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂය සඳහා ලැබී ඇති මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානම් වන බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට යෝජනාවක් අද දිනයේදී එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලීමට නියමිතව ඇත.

ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා පුද්ගලයකු නම් කිරීමට මැතිවරණ කොමිසමෙන් එජාප මහ ලේකම්වරයා තවත් අමතර සතියක ඉල්ලා ඇත.

ඒ අනුව බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා නම් කරනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තමනට තනතුරක් ලබා දෙන්නැයි පාර්ශව කිහිපයක් පාර්ශවයන් ඔස්සේ ඉල්ලීම් සිදුකර ඇති බවයි.

203,681 views

35 Comments to “රනිල් ලයිස්තුවෙන් යලි එයි.. පාර්ලිමේන්තුවේ තනතුරක් ඉල්ලයි..”

  1. Sakunthala says:

    අහෝ! මෙතුමාගේ ලැජ්ජ නහරය කපලා නෙවෙයි, උප්පත්තියේ ඉඳලම මෙතුමාට එම නහරය පිහිටලා නැතුව ඇති.

  2. දුටුගැමුණු says:

    දේශද්‍රෝහි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සලකා බලන්න

Main News