රනිල් ලිහන්නම බැරි ගැටයක් ගහයි.. 2025 වන තුරු එජාප නායකයා රනිල්මයි..

December 29, 2019 at 6:48 pm | lanka C news
රනිල් ලිහන්නම බැරි ගැටයක් ගහයි.. 2025 වන තුරු එජාප නායකයා රනිල්මයි..

රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර වන තුරු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්‍ෂ ව්‍යවස්තාව අනුව කිසිදු හැකියාවක් නැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්සංක නානායක්කාර මහතා සදහන් කරයි.

2019 වසරේදී පැවති පක්ෂ සම්මේලනයේදී ඉදිරි වසර 06 සඳහා ද පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සම්මත වූ බවත් ඒ අනුව 2025 වසර වන තුරුම ඔහු පක්ෂයේ නායකත්වය දරනු ඇති බවත් නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට නම් ක්‍රම දෙකක් ඇති බවත් එනම් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්වීම සහ නායකත්වය වෙනස් කිරීමට පක්ෂ විශේෂ සම්මේලනය කැඳවීම් බවද ඔහු කියයි.

නමුත් පක්ෂය තුළ පවතින තත්ත්වය මත එම ක්‍රම දෙකම ප්‍රායෝගික නැතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

186 views

4 Comments to “රනිල් ලිහන්නම බැරි ගැටයක් ගහයි.. 2025 වන තුරු එජාප නායකයා රනිල්මයි..”

  1. 🐘🐘🐘🐘🐘🐘 says:

    උගත්කම සත්තටම ඇත්තේ රනිලට
    කට්ට උනත් වැඩ කරයි පක්‍ෂෙ හිතට
    අටපාස් උසමිටි සෙකුරිටි එපාය රටට
    අලියගෙ හෙන්ඩු බලය රැකුම රනිලට

    • Rata Wenuwen says:

      බයනොවන්න පෑඩ් සජියා රෙදි හෝදන වැඩේට බහිනවලු

  2. Upul says:

    Why do you say the two methods to change his leadership is not practical? Why can’t he say that he wants to retire as he is an old person now. That is the most practical way, if you need to have the supporters to remain in the party.

  3. G says:

    Lasi papola…
    Banku horakamata
    20years hiragata unot
    Pad mange kalla mare….
    Ath u pissu pakekne…

Main News