රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

December 3, 2019 at 3:50 pm | lanka C news
රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

එක්සත් ජාතික පක්ෂ හිටපු නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව විශ්‍රාමික අගමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද තමන්ටද ලබාදීමට කටයුතු කරන්නැයි වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ අතර අද පෙරවරුවේ වික‍්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක තිබේ.

එම හමුව සඳහා මාධ්‍ය ආවරණයට ඉඩ දී නැති අතර පිටතට පැමිණි වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එහි පැමිණියේ ස්තූති කිරීමට බවයි.

වික්‍රමසිංහ මහතාගේ එම ගමන සඳහා කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එක්ව සිටියේ නැත.

166 views

22 Comments to “රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..”

  1. arrnduway Bodima thamae sudusuu meyyaata

  2. බන්ඩා says:

    විශ්‍රාමික දේසපාලුවන්ට මිල මුදල් යාන වාහන ගෙවල් දිය යුත්තේ ඔවුන්ට ආදායමක් නැති නම් පමනි. රනිල් දුප්පත්ද?

  3. Saman says:

    මූ ආයෙමත් වටයකින් එනව

  4. sam says:

    Why you need a government pension. Your buddy in Singapore will look after you well forever.

  5. p.d goonawardena says:

    මහා බැංකුව කාල, රට කාල ….තව මොනවාද ඉල්ලන්නේ…..නවාතැන් මැරෙනකම් ආණ්ඩුවේ බෝඩිමේ ……..කැමතිනම් පල…

  6. Kaush says:

    He should have had a more graceful retirement if he was not so greedy for power

    • බන්ඩා says:

      3%ක් ලබා ගත්ත ජවිපෙ වනචර ජිප්සියා කරට ගත්ත ජවිපෙ. යූඑන්පීය කඩේ ගිය ජවිපෙ දෙමළ/මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කල ජවිපෙ ඊලඟ ඡන්දෙන් කපුට්ස්.

  7. මුත්තාගේ කොටි වලිගය අල්ලන් says:

    මුත්තාගේ කොටි වලිගය අල්ලන් ගහ වටේ දුවන ලංකාවේ පාරනම් දෙසපාලකයා…හොද වෙලාවට දෙය්යන් වහන්සේ අලියට ලොකු ඇහැක් නොදුන්නේ…අනිල් ඔක්කොම ලොකුයි…මොලේ තමා ටිකක් මදි වුනේ…

  8. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    රනිල්ගෙන් පස්සේ පක්ෂය ඉවරටම ඉවරයි. යූඑන්පියට ආයෙත් ගොඩ ඒමක් නෑ. මොනවා වුණත් මහින්ද මහත්තයා රනිල්ට හොඳට සලකනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.