රනිල් වෙනුවට සජිත්.. හිසරදයට කොට්ට මාරුවක් පමණයි..

December 9, 2019 at 4:40 pm | lanka C news
රනිල් වෙනුවට සජිත්.. හිසරදයට කොට්ට මාරුවක් පමණයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවට මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාව විපක්ෂ නායක ධූරයට පත් කිරීමට එජාපය තීරණය කර තිබෙනවා. එතුමා දිගු කළක් සටන් කරලා තමයි විපක්ෂ නායක ධූරය දිනා ගත්තේ. ඒ නිසා එතුමාට චිරාත් කාලයක් විපක්ෂ නායක ධූරය දැරීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලොව දිගුම කළක් විපක්ෂ නායක ධූරය දැරූ පුද්ගලයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන රනිල් මැතිතුමාගේ වාර්තාව බිඳ දැමීමට එතුමාට හැකි වේවායි හදවතින්ම සුබ පතනවා. මේ කුහක කමින් කරන ප්‍රාර්ථනාවක් නොවේ. ඉතාම සද්භාවයෙන් කරන ප්‍රාර්ථනාවක්.

ඊ ලඟ පියවර ලෙස එජාපයට වැලඳී තිබෙන දහ අටක් වූ සන්නි අට අනූවක් වූ ව්‍යාධි වලට පිලියම හැටියට එජාප මන්ත්‍රිවරුන් යෝජනා කරලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවට සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයට ගෙන ඒමයි. රනිල් වෙනුවට සජිත් ආවොත් ජනතාව එජාපයට ඡන්දය දේවි ද? දැන් ජනාධිපතිවරණයටත් ලොකු සටනක් දීලා ඡන්දය ඉල්ලන්න හිටිය රනිල් මැතිතුමා පැත්තකට කරලා සජිත් මැතිතුමාට අපේක්ෂකත්වය ලබා ගත්තේ සජිත් ආවොත් දිනන්න පුළුවන් කියලානෙ. ඒත් සජිත් පැරදුනානෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද පැරදුනාට වඩා කුජීත විදිහටයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පැරදුනේ. ඒ පරාජයට සැබෑ හේතු සොයා ගත්තේ නැති නම් සජිත් මැතිතුමා පක්ෂ නායකත්වයට ගෙන ඒමෙන් ඵලක් වෙන්නේ නෑ.

මේ රටේ ජනතාව රනිල් මැතිතුමාව ප්‍රතික්ෂේප කලේ එයාගේ වයස වැඩියි කියලාවත් ටයි කෝට් අඳින නිසාවත් මුහුණ කැතැයි කියලාවත් නොවේ. එතුමාගේ ප්‍රතිපත්ති සහ වටේ සිටින අය නිසා. ඒ නිසා බටහිර ගැති සිංහල විරෝධි ප්‍රතිපත්ති වෙනස් කලේ නැති නම් වටේ ඉන්න බෙදුම්වාදි සුමන්තිරන්, අන්තවාදි රිෂාඩ්, පච කියන පා ච රණවක, බොරුවට උපන් රාජිත, බටහිර ගැති මංගල වැනි චරිත සමග ආවොත් සජිත්ට අත් වෙන්නෙත් රනිල්ට අත්වුණු ඉරණමමයි. ඒක ගැන නම් අංශුමාත්‍රයක සැකයක් තියා ගන්න එපා.

– අරවින්ද අතුකෝරල

27,838 Viewers

10 Comments to “රනිල් වෙනුවට සජිත්.. හිසරදයට කොට්ට මාරුවක් පමණයි..”

  1. Dilshan says:

    Very true we will never vote sajith until those mentioned are in UNP.
    Sajith might try to cheat voters by saying mangala is no more but Mangala might come to parliament from the national list with Chandrika and Ranil

    • Victor says:

      We will never vote for Sajith. Period !!! He has no vision, just talk and promises only. A selfish, fat headed buffoon.

  2. Upul says:

    Look who is talking? This guy is the worst bad mouth person in the country now. You can see it from the time he opens his mouth and twist and shake his big head.

  3. Kadiya says:

    රනිල් යවලා සජිත් ගත්තා කියන්නේ හරියට කැහි ගෑනි යවලා හොටු ගෑනි ගත්තා වගෙයි.

  4. Jude says:

    Ok. Sajith lost against Gota. Now you can develop the country. We will give the majority for GR to control the country but not 2/3. Do not compare or criticise the Sajith now. Sajith will be the threat to Namal and SL will never vote Namal in future, even you ask to vote by giving everything. People in SL smarter than you think Mr Gamanpila. We know what you guys trying to do. Sorry.

    • කිරිමෙල් says:

      Please continue with what you were doing. Don’t worry about ‘to be’ leaders. Let people decide it. You are just an individual. OK?

  5. Richmond says:

    Sajith has enough time to break Ranil’s record; he’s just 52.(52+25=77). Ranil had a ‘Tikiri Mole’ and may I suggest the nick-name ‘Kekiri Mole’ for Sajith..

  6. David Milli-banda says:

    Sajith need to pledge to the people to get rid of those round him like Mangala / Malik / Appachchi Malo/ and the likes totally if he is to gain any clout.
    Also jalani’s afters like Harin and set. Jalani has become a liability who is beeing wooed by her.

  7. Porak says:

    ලන්කාවේ ප්‍රධාන පක්ශ දෙක unp & slfp…පිලිගත්තත් නැතත් මේ දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට බලයට එනවා …දැන් පොහොට්ටුව කියලා කැඩුනෙත් slfp එක.. පරදින අය අනිවා ශක්තිමත් විපක්ශයක් විය යුතුමයි …නමුත් රනිල් කිසිම විටෙක ශක්තිමත් විපක්ශයක් හෝ ශක්තිමත් රජයක් පිහිටවුයේ නැත..සමනල හැතිකරේ ලන්කරගෙන තරුණ නායකයන් කොන් කලා…unp යනු බුදු දහම විනාශ කරන උන් කියලා මතයක් සමාජයේ ඇති වීමට ඉඩ දුන්නා …unp එකට උදව් කරන අය දේශද්‍රෝහින් ලෙස හන්වඩු ගැහීමට පාර කැපුවා..ඉතින් මේ සුදුමැලි උනු ඇවිදින මල මිනී සමනල් රජා ඉන්නකන් unp එකත් වලපල්ලට රටත් අගාධයට ..

Main News