රනිල්-සජිත් ආරවුල උපරිමයි.. සජිත් පිලේ කිහිපයක් පාර්ලිමේන්තුවේ ඡන්දය වර්ජනයේ.. රනිල්ට පක්‍ෂ නායකත්වයත් නැතිවීමට ආසන්නයි..

November 4, 2018 at 2:10 pm | lanka C news
රනිල්-සජිත් ආරවුල උපරිමයි.. සජිත් පිලේ කිහිපයක් පාර්ලිමේන්තුවේ ඡන්දය වර්ජනයේ.. රනිල්ට පක්‍ෂ නායකත්වයත් නැතිවීමට ආසන්නයි..

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර සජිත් පේ‍්‍රමදාස මහතා පත් කිරීමට එම පක්‍ෂය තුල ඇතිව තිබෙන අරගලය තවත් තීව‍්‍ර වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට අහිමි වීමත් සමග ඔහුගේ පක්‍ෂ නායකත්වයද අහිමි වනු ඇති බවත් නව නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත් වනු ඇති බවත් ඔහුට සමීප බොහෝ දෙනා විශ්වාසයෙන් සිටිති.

යහපාලන රජජය දෙදරා යාමට ප‍්‍රධාන හේතුව රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීරණ බවට දැනටමත් එජාප ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු චෝදනා කරමින් සිටිති.

මේ තත්වය මත ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී රනිල් යික‍්‍රමසිංහ මහතා රැුක ගැනීම වෙනුවෙන් ඡුන්දය භාවිතයෙන් වැලකී සිටීමට සජිත් පිලේ කිහිප දෙනෙකු දැනටමත් තීරණය කර ඇති බවත් එහි අරමුණ රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් දුර්වල කර පක්‍ෂ නායකත්වය ලබා ගැනීම බවත් තව දුරටත් වාර්තා වේ.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් ටී.එන්.එල්. නාලිකාවෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට මේ දිනවල දිගට හරහට පහර දෙමින් සිටින්නේ මෙම සැලසුම ගැන වේලාසන දැනුවත් වීම මත යයිද සදහන්ය.

25 views

20 Comments to “රනිල්-සජිත් ආරවුල උපරිමයි.. සජිත් පිලේ කිහිපයක් පාර්ලිමේන්තුවේ ඡන්දය වර්ජනයේ.. රනිල්ට පක්‍ෂ නායකත්වයත් නැතිවීමට ආසන්නයි..”

  1. balayaganna says:

    me awasthwen unp karayo prayojana gatha yuthuyi. ranel durwala kara paksye balaya wenakenek gatha yuthuyi. ese nokara mr, ta saha my3 ta bana bana idala wadak naha.

  2. chandapala says:

    ඔක්කොටම කලින් රාජිත චම්පික මංගල යන දේසපාලන අපතයන් පලවා හරින එක සජිත්ගේ දේසපාලනයට ගුණයි.

    • නැවුම් මාවත says:

      චම්පික කියන්නේ දේශපාලන අපතයෙක් නෙවෙයි අන්න එක මතක තබාගන්නවා .චම්පික කියන්නේ වැලේ වැල් නැතිව සිංහලයාගෙන් ප්‍රතික්ෂේප වෙලා හිටපු එජාපයට චන්ද මිලියන් ගානක් අරගෙන දුන්නු දේශප්‍රේමී සැලසුමේ න්‍යාය ආචාර්ය . චම්පික ඉතාම ඈත අතීතයේ සිට තම සැලසුම් අනුව තම ප්‍රතිරූපය ගොඩනගා රටට ඉතාම අවශ්‍ය මොහොතේ එජාපය හා එක්වීම අහම්බයක් නෙවෙයි එය ඉතාම සැලසුම් සහගතව කල එකක්.චම්පික තමයි එජාපයේ නැවත හැරවුම් ලක්ෂ්‍ය .ඔහු එජාප නායකයා වීම යනු එජාපයට අලුත් මුහුණුවරක් ලැබෙන නැවුම් මාවතක්

  3. "මහා බංකව ගිලලා- රස ආප්ප ගහලා රජකරන්න ගත්ත පට්ට ගිරවා-- says:

    “මහා බංකව ගිලලා- රස ආප්ප ගහලා රජකරන්න ගත්ත පට්ට ගිරවා–ඇත හරින්න කියල අයි කියන්නේ ඔහෙලා හිතුවද අපි දාල යයි කියාලා.” පල වහුකුනු කෙසෙල් ගෙඩි හොරා…

  4. Urvin and Sepalika says:

    Mr. Sajith Premadhasa is the best person to lead the Grand National party, UNP.

  5. Saradiel says:

    කැහී ගැනී දීලා හොටු ගැනී ගත්තා වාගේ දේයක්.

  6. chapa says:

    sajitho…thota lebichcha awasthawen wedak ganin….nethnam 2030 wenakam ponila thota nayaka kama denne ne…

Main News