රනිල්-සජිත් සාකච්චා පැවතෙද්දී අපේක්‍ෂකත්වය දෙන් තෙක් අරලිය මැදුර වටලා රනිල් නිවාස අඩස්සියට ගන්න කැරලිකරුවෝ සූදානම්..

September 9, 2019 at 10:40 am | lanka C news

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා අතර හෙට දිනයේ තීරණාත්මක සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව පැවැත්වීමට යොදා ගෙන ඇත්තේ කොළඹ අරලියගහ මන්දිරයේ දීය.

හමුව පැවැත්වෙන අතර තුරේදී සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් අරලියගහ මන්දිරය වටලා උද්ඝෝෂණය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන තෙක් මන්දිරය වටලා රනිල් වික‍්‍රමසිංහ මහතා නිවාස අඩස්සියට පත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයිද එම වාර්තාව කියයි.

මෙම හමුව ඉරිදා දිනයේ යොදා තිබුණද සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගි නොවූයේ අරලිගහ මන්දිරය වැටලීම සඳහා පිරිස ගෙන ඒමට කාලය ප්‍රමාණවත් නොවන නිසා යයිද සදහන්ය.

40 views