රනිල් පෙරට.. කෘත්‍යාධිකාරියට අලුතින් 07ක් පත් කර යවයි.. සජිත් පිල පසු බසී..

August 27, 2019 at 3:50 pm | lanka C news
රනිල් පෙරට.. කෘත්‍යාධිකාරියට අලුතින් 07ක් පත් කර යවයි.. සජිත් පිල පසු බසී..

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයින් 07 දෙනකු ඊයේ දිනයේ පත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී පාර්ශ්වයෙන් පත් කර ඇතැයි ද සඳහන්ය.

මෙම තත්ත්වය මත එහි සංයුතිය වෙනස් වන අතර රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී පිරිස ඉහළ යනු ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයට බහුතරය අහිමි වණු පරිදි අලුතෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් 30 දෙනකු පත් කිරීමට අගමැතිවරයාගේ කණ්ඩායම තීරණය කර ඇති බවද වාර්තා විය. දැ

දැනට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් 63 දෙනෙකු සිටින අතර එය 93ක් දක්වා පත්කිරීමට ව්‍යවස්ථානුකූලව අවස්ථාව ඇත.

ඇතිව තිබෙන තත්වය මත සජිත් පිලේ වැඩි මන්ත‍්‍රී පිරිසක් සිය සටන්කාමීත්වය අතහැර මැද තැනකට පැමිණ ඇතැයි වාර්තා වන අතර තවත් පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතා වෙනම පක්‍ෂයකින් හෝ ඉදිරිපත් විය යුතුය යන මතයේ සිටන බවද වාර්තා වෙයි.

61 views

5 Comments to “රනිල් පෙරට.. කෘත්‍යාධිකාරියට අලුතින් 07ක් පත් කර යවයි.. සජිත් පිල පසු බසී..”

  1. පොරමෝලා says:

    රනිල් දන්නව පක්ෂ නායක කම නැති උනොත් බැංකු කේස් එකට නවතින්න වෙන්නෙ ගල් පල්ලියෙ කියල. ඒක නිසා ඔහු ෆුල් ඩම් එක දාල සටනේ. සජිත් දැනගන්න ඕන මෙවර තමයි අවසාන චාන්ස් එක. මේක මිස් වෙලා රනිල් ට යට උනොත් කපෝතියි. ඒ නිසා දැන් ඔහු සමග ඉන්න පිරස දිය වෙන්න කලින් පක්ෂයේ බලය අල්ලන්න බැරි නං කඩාගෙන ගිහිං හරි සටනට බහින එක තම්‍යි නුවණට හුරු

  2. sama says:

    These UNPers are real stupid idiots, and all these things are happening because they do not care about the country but the party . Otherwise they could make a new party ,

  3. JOY says:

    අපේ රටට එක්සත් ජාතික පක්ෂය මහා බැංකු හොරු ගැලපෙන්නේ නැහැ

  4. Hesh says:

    මෙච්චර ලොකු කෘත්යාධිකාරි මන්ඩලයකින් පක්ශයක් මෙහෙයවන්න පුලුවන්ද? රටත් ඔය වගේ තමයි. රනිල් දන්නෙ නූල් සූත්තර මිසක් ප්‍රශ්න වලට විසදුම් සෙවීම නෙවේ.

  5. kawinda says:

    Ranilta ona balayata enawata wadaa akila saha saagala samaga vipaksha nayakaya wela ho innai.

Main News