රනිල් සමග එජාප ආණ්ඩුව පැත්තේ වාඩිවෙන්න ලැජ්ජයි.. පාර්ලිමේන්තු ආවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් සභා ගැබට නොයති.. තැන තැන රස්තියාදුවේ..

February 21, 2018 at 11:20 am | lanka C news
රනිල් සමග එජාප ආණ්ඩුව පැත්තේ වාඩිවෙන්න ලැජ්ජයි.. පාර්ලිමේන්තු ආවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් සභා ගැබට නොයති.. තැන තැන රස්තියාදුවේ..

මැතිවරණයේදී ලද දැඩි පරාජයත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ එජාපය සමග අසුන් ගැනීමට දැඩි අකමැත්තතෙන් පසුවන බව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී හෙලිව ඇත.

ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් පාර්ලිමේන්තු ලොබියේදී ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් සමගින් සදහන් කර ඇත්තේ තව දුරටත් අගමැති රනිල් සමතගින් එජාප ආණ්ඩුව පැත්තේ අසුන් ගැනීමට ඇත්තේ වස විලි ලැජ්ජාවක් බවයි.

එනිසා බොහෝ දෙනෙකු පාර්ලිමේන්තු සභා ගැබට නොපිවිසෙනු ඇති බවත් පාර්ලිමේන්තුවේදී සිදු කර ගැනීමට ඇති වෙනත් රාජකාරී කටයුතු කරගෙන පිටවන බවත් ඔහු සදහන් කර ඇත.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සභා ගැබේ ශ‍්‍රීලනිප ආණ්ඩු පාර්ශවයෙන් දක්නට ලැබුනේ ඇමති විජිතමුණි සොයිසා හා නියෝජ්‍ය ඇමතිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම පමණි.

නමුත් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ තැන තැන දක්නට සිටියහ.

33 views

15 Comments to “රනිල් සමග එජාප ආණ්ඩුව පැත්තේ වාඩිවෙන්න ලැජ්ජයි.. පාර්ලිමේන්තු ආවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් සභා ගැබට නොයති.. තැන තැන රස්තියාදුවේ..”

  1. දැන් ඉතින් ලැජ්ජාවෙන්න එපා හිරිඔතප් ටික බිඳගෙන අමාරුවෙන් හරි උන් එක්කම වාඩිවෙයල්ලා. වෙන ඉතින් යන එනමන් නොමැති දේෂපාලන අනාතයන් වගේ වෙනවා තව ටිකදවසක් යනකොට අනේ චුකේ ????

Main News