රනිල් සමග සාකච්චා අසාර්ථකයි.. සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට.. ඔහු සමග මන්ත‍්‍රීන් 50ක් එක්වෙයි..

January 6, 2020 at 9:20 am | lanka C news
රනිල් සමග සාකච්චා අසාර්ථකයි.. සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට.. ඔහු සමග මන්ත‍්‍රීන් 50ක් එක්වෙයි..

රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂය නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡා අසාර්ථක වූ බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය නොලැබුණහොත් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් නව සංධානයකින් බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම නව සන්ධානයට සහාය ලබා දෙන්නේ යයි එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයන් දැනටමත් එකඟවී ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තීන්දුව සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දුන් නොලැබෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම තරග කිරීමට ඔවුන් සියළුදෙනා ඒකමතිකව තීරණය කර ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

814 views

8 Comments to “රනිල් සමග සාකච්චා අසාර්ථකයි.. සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට.. ඔහු සමග මන්ත‍්‍රීන් 50ක් එක්වෙයි..”

  1. Rata Wenuwen says:

    කපුවාත් කපෝතියි කරු වාත් කපෝතියි

  2. nuwaraone says:

    ගෝටා මැතිතුමාට රට හරියට කරන්න මේ වටේ ඉන්න සෙට් එක නැති වෙන්න ඕනී…නැත්නම් අපි තමයි ජනාධිපති කලේ කිය කියා ගොන් කතා කියනවා…සජිත් එක්ක හොඳ ගමනක් අපි පතනවා..

    • Me says:

      අමුම අමු ගොනෙක් තප්පුලනව🐮🐮😂😂😂😝

  3. Boo says:

    රනිල් කියන ගෑනු දරුවට ඇඳගන්න සනීපාරක්ෂක තුවා ලබා දෙන්න ඩීල් එකක් දැම්මනං මොකක් හරි කරගන්න තිබුනා.

  4. don katugampala says:

    PREMADASA LA U.N.P EKE DARUNUMA APALE ,THATHA VAGEMA PUTHATH “KALLI” HADAGENA PAKSHE KADANNA HADANNE, R.PREMADASA “PURAVESI PERAMUNA “HADAGENA DUDDLEY /J.R DENATA VIRUDDAVA VEDAKALA , ADA EYAGE PUTHA SAJITH PREMADASATH PAKSHE DEKATA BEDAGENA DEGA NATANAVA.

  5. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද ලැයිස්තුව ටිපෙක්ස් කරලා රනිට මාට්ටු වුණු පොරක්. රනිල් කාලයක් මිනිහාව කපලා දාලා තිබුණෙ. සජිත් දැනගන්න ඕනෙ ජනාධිපතිවරණයේ දී එජාප වේදිකාවල කියපු ගොං කතා හින්දා ඡන්ද කීයක් නැති වුණා ද කියලා. උදාහරණ වෙල්විදානෙ කලින් සජිත්ට බැනලා පස්සේ ආරක්ෂක ඇමතිකම සජිත් ලබාදෙන්න පොරොන්දු වූ පසු රාජපක්ෂලා මැදමුලනේ එල්ලන්න කතා කරලා නා ගත්තා. එජාපයේ ඉන්න මෝඩ කතාකාරයින් (සජිත් ද මේ කොටසට අයත් වේ.), හොරුන්, බෙදුම්වාදීන් සහ අන්තවාදීන් හඳුගෙන එලවනකන් සජිත්ට හැමදාම විපක්ෂ නායකකමේ ඉන්න පුලුවන්.

Main News