රනිල් 24 වසරක් හිටියා ඇති.. අලූත් නායකයෙක් ඕනෑ.. හරීන්-අජිත්-සුජීව එක්ව කියති.. එජාප තවත් 25ක් එක්වෙති…[Video]

April 29, 2018 at 10:25 pm | lanka C news
රනිල් 24 වසරක් හිටියා ඇති.. අලූත් නායකයෙක්  ඕනෑ.. හරීන්-අජිත්-සුජීව එක්ව කියති.. එජාප තවත් 25ක් එක්වෙති…[Video]

එක්සත් ජාතික පක්‍ෂයට නිලධාරීන් පත් කිරීම සදහා පැවති ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙම ප‍්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පක්‍ෂයේ විශාල පිරිසක් විවේචනය කර ඇතැයිද ඔහු සදහන් කරයි.

වසර 24ක් තිස්සේ එකම නායකයෙක් එක්සත් ජාතික පක්‍ෂය පාලනය කරන බවත් අකිල විරාජ් මහතා මහ ලේකම් වූයේ ඇයිදැයි අගමැති රනිල්ගෙන් ඇසිය යුතු බවත් එය දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණයක් නොවන බවත් ඔහු කියා සිටී.

එජාප මන්ත‍්‍රිවරුන් 25ක පමණ පිරිසක් තමනට කතාකල බවත් අවශ්‍ය කරන දේශපාලන පියවර ගන්නා බවට කියා සිටි බවත් රාජ්‍ය ඇමතිවරයා කියයි.

පක්‍ෂයට සදාකාලික නායකයන්, උප නායකයන්, නියෝජ්‍ය නායකයන් සිටිය යුතු නැති බවද සදහන් කරන ඔහු රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවද සදහන් කරයි.

තමන් මෙන්ම හරීන් ප‍්‍රනාන්දු, සුජීව සේනසිංහ යන ඇමතිවරුන්ද නව නායකයෙක් උවමනා බව පැහැදිලිව කියා සිටි බවත් ඔහු කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

94 views

15 Comments to “රනිල් 24 වසරක් හිටියා ඇති.. අලූත් නායකයෙක් ඕනෑ.. හරීන්-අජිත්-සුජීව එක්ව කියති.. එජාප තවත් 25ක් එක්වෙති…[Video]”

  1. Sudu says:

    Kohomada Viwasa Bangaya

  2. chris says:

    අජිතො උබේ දෙපැත්තෙන් ඉන්නෙ පට්ට හොරු දෙන්නෙක්.

Main News