රඹුක්කන ගම්මාන හතක් වසා දමයි..

October 16, 2020 at 5:30 pm | lanka C news
රඹුක්කන ගම්මාන හතක් වසා දමයි..

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට අයත් ගම්මාන හතක් හුදෙකලා කර තිබේ.

බොරළුව, පීලිකුඹුර, ඇඹුල්අඹේගම, වත්තගම, වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත යන ගම්මාන මෙසේ හුදකලා කර ඇත.

කොරෝනා ආසාදිත කාන්තාවක් මෙම ගම්මාන කිහිපයේ සංචාරය කර ඇති නිසා ම මෙම පියවර ගත් බව රඹුක්කන පොලිසිය කියා සිටියි. වසා දමා ඇති ගම්මාන වල දෙදහස් පන්සීයකට ආසන්න පිරිසක් වාසය කරයි.

එම කාන්තාව කළගෙඩිහේන ප‍්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නියක් වන අතර ඇය මේ වන විට කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

32,859 views

2 Comments to “රඹුක්කන ගම්මාන හතක් වසා දමයි..”

  1. නරද says:

    120 සමහර බස් වල කැස්බෑවෙන් (මම නිතර දකිනවා) එහාට යන විදිය හරිම භයානකයි. ඒත් මිනිසුන් කොහොම හරි ගෙදර යන්නත් අවශ්‍යයි, බස් අයට සල්ලිත් අවශ්‍යයි. අනේ මන්දා සමහර කොන්දලා රියදුරාලා ට රට ගැන හැගීමක් වත් නැහැ කියලත් හිතෙනවා. රට වැහුවොත් හැමෝටම පාඩුයි නේද?

  2. Sunil says:

    Wada karana wiruwa hota ana gena wage. Bring back Hitan. 100 times better.

Main News