රඹුටන් ඇටයක් සිරවී දරුවෙකු මියයයි… ඥාතීන් රෝහලේ හදිසි අනතුරු ඒකකය කුඩු පට්ටම් කරයි..

July 5, 2020 at 3:00 pm | lanka C news
රඹුටන් ඇටයක් සිරවී දරුවෙකු මියයයි… ඥාතීන් රෝහලේ හදිසි අනතුරු ඒකකය කුඩු පට්ටම් කරයි..

කිසියම් පිරිසක් විසින් දෙණියාය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පහරදීමක් සිදුකර ඇත.

එමගින් රෝහලේ එම ඒකකයට දැඩි සේ අලාභානි සිදු වි තිබේ.

රඹුටන් ඇටයක් උගුරේ සිරවූ මාස 11 ක දරුවෙකු මියයාම නිසා කෝපයට පත් වූ එම දරුවාගේ ඥාති හිතවතු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත.

නමුත් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ මෙම දරුවා රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවයි.

509 views
Main News