රවිගේ අයවැයෙන් මහ බැංකුවත් හොල්මං.. – හරියටම දන්න මහ බැංකු නියෝජ්‍ය අධිපති අකුරෙන් අකුර හෙලි කරයි…
November 13, 2016 at 2:10 pm | lanka C news
2017 සදහා ඉදිරිපත් කරන ලද අයවැය යොජනාවලියෙන් මුදල් ඇමති රවි කරුණානායක මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අනවශ්‍ය පරිදි අතපොවා ඇති බවට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසයි.
එන වසරට යෝජිත අයවැය සම්බන්ධයෙන් කොළඹදී පැවති සංවාද සභාවත් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.