රවිගේ කැබිනට් පත්‍රිකාවෙන් පාසැල් පන්සල් අසලට අරක්කු තැබෑරුම් දසදහසක්.. ජනපති මත්පැන් නිවාරණයේ..
April 5, 2017 at 11:11 pm | lanka C news
මත්පැන් අලෙවිසැල් සදහා බලපත් ලබා දීමේදී ප්‍රධානතම කොන්දේසියන් වූ පාසැලක් හෝ ආගමික ස්ථානයක් අසල සිට මීටර් 500 දුර සීමාව මීටර 100 තෙක් අඩු කිරීමට යෝජනාවක් මුදල් ඇමති රවි කරුණානායක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ඉදිරියේ ලබා දීමට නියමිතය.
මෙරට තුල රජයේ පාසැල් 9700ක් පමණ ඇති අතර පිරිවෙන්, පුද්ගලික පාසැල් ඇතුළුව එකතුව එය 10000 ඉක්මවන ප්‍රමාණයක් වෙයි. ආගමික ස්ථාන ප්‍රමාණයද එක් වූ විට මෙම ප්‍රමාණය තවත් බොහෝ ඉහල යයි.
ඒ අනුව මෙම නව යෝජනාව සම්මත වුවහොත් දැනට ඇති මත්පැන් අලෙවි සැල් පාසැල් හෝ පන්සල් අසලට ගෙන ඒම හෝ නව අරක්කු තැබෑරුම් දසදහස ඉක්මවූ ප්‍රමාණයක් ආරම්භ කිරීමේ හැකියාව ලැබීමේ ඉඩක්ද ලැබේ.
දැනට පවතින මීටර 500 සීමාව උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන මත්පැන් අලෙවිසැල් සංඛ්‍යව සුළු ගණනක් වෙයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල රට පුරා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ක්රියාන්විතයක්ද ක්‍රියාත්මකය.