රවිගේ නිවසේ සත් දිනක් අඛණ්ඩව මහා යාගයක්..

March 5, 2020 at 10:40 am | lanka C news
රවිගේ නිවසේ සත් දිනක් අඛණ්ඩව මහා යාගයක්..

හිටපු මුදල් ඇමති එජාප උප නායක රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසෙහි මේ දිනවල යාගයක් පවත්වමින් තිබේ.

දින හතක් එක දිගට මෙම යාගය පැවැත්වෙන අතර එහි සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ හිටපු ඇමති මර්වින් සිල්වා මහතාය.

පෙරේදා රාත්‍රියේ සිට මෙම යාගය පැවැත්වේ.

මර්වින් සිල්වා මහතා විසින් දකුණු පළාතේ ප්‍රබල යකැදුරන් පිරිසක් ගෙනවිත් මෙම කටයුතු සිදු කරමින් සිටී.

මර්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ රටටත් ජනතාවටත් සෙත්පතමින් මෙම යාගය පවත්වන බවත් රටට ඇති වී තිබෙන තුන්බිය මෙමගින් දුරු වී යනු ඇති බවත්ය.

රවි කරුණානායක මහතා බැදුම්කර වංචාව සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් මේ වන විට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

148 views

9 Comments to “රවිගේ නිවසේ සත් දිනක් අඛණ්ඩව මහා යාගයක්..”

  1. UD says:

    රටටත් ජාතියටත් යහපතක් වෙන්න බැදුම්කර වංචාකාරයින් නීතියේ රැහැනට හසු වේවා!
    යාගය සාර්ථක වේවා!

    • 🤣🤣🤣😄😄😄 says:

      බැඳුම්කර යකුනට දෙන මෙය දොලකි
      පෙන්නා රටටම කරනා මෙය යාගයකි
      කපු රවි හත්දින නටනා මෙය නැටුමකි
      මර්වින් රවියව ඇන්ඳුව මෙය මායාවකි

  2. Dikman Aiyya says:

    ….this YAAGA is to get the devilish intervention of Lord MaRaaa,..so this fellow can hide his Araliya Vimaaana for few days and hospitalized…and get the bail to go free…it worked before and it will work for all the other dirty corrupted fellows

    • Pissu Dick says:

      මඩ බාල්දිය අතඅැරපං පුතා. දැන්වත් මනුස්සයෙක් වෙයන්. අවුරුදු 5ක් ගතවුනානේ බොරුවෙ අායුෂ ඉවරයි. මඩෙන් නැතිව හරි පාරෙන් එන්න.

  3. ගරසරප says:

    යාග කරන්නෙ ගාය හොද කරන්න.

  4. T says:

    Krai Maervia, Kudu Mervia mu dipu BORU SAKKI walata pariksana arabaa ATH ADANGU WATA GATA UTHUI.

  5. atheist says:

    මැවුම්කාරයා අදහන උන්ට යාග හෝම වලින් ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ.

  6. Chath says:

    ඩෙන්න ඩෙනා. ඩෙන ඩෙන ඩෙන්න ඩෙනා ඩෙනෝ
    ආතුරයා බැදුම් කරෙන්. නිදහස් කරදෙනෝ
    ලැබුන සල්ලි වලින් ටිකක් මහ ඇදුරට දෙනෝ
    ආතුරයා හිරේ නොගොස් යහතින් වැජබෙනෝ

  7. Chath says:

    ඩෙන්න ඩෙනා. ඩෙන ඩෙන ඩෙන්න ඩෙනා ඩෙනෝ
    ආතුරයා බැදුම් කරෙන්. නිදහස් කරදෙනෝ
    ලැබුන සල්ලි වලින් ටිකක් මහ ඇදුරට දෙනෝ
    ආතුරයා හිරේ නොගොස් යහතින් වැජබෙනෝ

    ආයුබෝ වේවා!!!!!