රවිගේ සිදුවීම ලූණු බික්කක්.. රාජපක්‍ෂලාගේ ඩුබායි ගිණුම්වල ඩොලර් බිලියන 2301 (billion) ක් තිබෙනවා

August 7, 2017 at 3:50 pm | lanka C news
රවිගේ සිදුවීම ලූණු බික්කක්.. රාජපක්‍ෂලාගේ ඩුබායි ගිණුම්වල ඩොලර් බිලියන 2301 (billion) ක් තිබෙනවා

රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන එකාබද්ධ ව්පක්ෂයේ නායකයින් ද කම්බ හොරු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මන්නාරම සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ අද (07) පැවැති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී වැදුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා, ‘රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන ඒකාබද්ධ ව්පක්ෂයේ නායකයින්ට තොඟ වශයෙන් චෝදනා එල්ල වී තිඛෙනවා. මුල්‍ය අපරාධ, දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන ඊට ඇතුළත්. රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ළුණු බිකක් වගෙයි. ඒකාබද්ධ ව්පක්ෂයේ නායකයින්ගේ ඩුබායි බැංකු ගිණුම් වල තිඛෙන මුදල් ප්‍රමාණ ගැනත් ජනතාව දැනගත යුතුයි. එක බැංකු ගිණුමක ඇමරිකානු ඩොලර් බිලියනයක් තිඛෙනවා. ලේකම්වරයෙකුගේ ගිණුමක ඩොලර් බිලියන 1800 ක මුදලක් තැන්පත් කර තිඛෙනවා. තවත් මන්ත්‍රීවරයෙකුගේ ගිණුමක ඇමරිකානු ඩොලර් බිලියන 500 ක් තැන්පත් කර තිඛෙනවා. රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ගැන කථා කරන අය කම්බ හොරු. හොරු පිරිසක් තමයි මේ ගැන කථා කරන්නේ. විලිලැඡ්ජයි. සාධාරණ විසදුමක් ඉදිරියේ දී ලැඛෙයි’

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ වැළිකන්ද ප්‍රදේශයේ දී කළ ප්‍රකාශයක් පිළිබදව ද මධ්‍යෙවේදීන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු ව්මසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු 11 ක් එක්සත් ජාතික පක්ෂය සමග සාකචිඡා පවත්වන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනි. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ සාකචිඡා පවත්වනවා නම් හොදයි. පක්ෂ දෙකම එකම ආණ්ඩුවේම නිසා යනුවෙනි.

– ප‍්‍රසන්න අධිකාරී

204 views

51 Comments to “රවිගේ සිදුවීම ලූණු බික්කක්.. රාජපක්‍ෂලාගේ ඩුබායි ගිණුම්වල ඩොලර් බිලියන 2301 (billion) ක් තිබෙනවා”

  1. සකුන්තලා says:

    අම්මපා මුගේ ලුණු බික පත්තරෙත් දානවා නෙ?

  2. aba says:

    Billion or million ????????????????????????????????????

  3. Boo says:

    එක්කෙනෙකුගෙ ගිනුමක මෙච්චරක්, තව කෙනෙකුගෙ ගිනුමෙ මෙච්චරක් කියල නමක් ගමක් නැතුව කියනකොටම මොලේ තියෙන අයට තේරෙනවා මේ කියන්නෙ බොරැවක් කියල. පවු මේ ගොනාට දැං යන එන මං නෑ, කියන්න දෙයක් නෑ. තාජුදීන්ගෙ cctv ඇහැටම දැක්ක කිවුවෙත් මූමනෙ.

  4. dami says:

    rako igenaganin MR gen Kohomada Gananne Kiyala, palayav kanu Kata.

  5. gonapala says:

    luunu bika kiyanneth mahajana mudal…mun hithannepodi dewal….mahajanamudal….

Main News