රවිට අහිමි වු ඇමතිකම බිරිඳ දීමට සූදානම්.. මෙලා පාර්ලිමේන්තුවට.. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු අස්වෙන්න සූදනම්..??
August 11, 2017 at 11:25 am | lanka C news
හිටපු මුදල් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය භාරව සිට බැදුම්කර මගඩිය සම්බන්ධය ජනාධිපති කොමිසම ඉදිරියේදී සාක්ෂි දීමට ගොස් තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදි බැදුම්කරයට සම්බන්ධ එහි විශාල ප්‍රතිලාබ ලබා ගත් අනික් ප්‍රබලයින් කිසිවෙකු හෙලි නොකිරීමට උපකාරයක් ලෙස ඔහුගේ බිරිඳ මෙලා කරුණානායක මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවා අැමති ධූරයක් ලබාදීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
දැනටත් ඉල්ලා අස් නොවී සිටින විදේශ ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එජාපයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ බිරිඳ ජාතික ලැයිස්තුවෙන් පත් කල ආකාරයෙන් වර්තමාන එජාපයේ නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතාද පක්ෂය වෙනුවෙන් කල කැපවීම වෙනුවෙන් එසේ කිරීමට සුදානමක් ඇති බවයි.
මේ තත්වය මත රවි කරුණානායක මහතාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය මේ වන තෙක් ඉල්ලා අස් වී නැති අතර ඉදිරියටද වරප්‍රසාද නිත්‍යානුකූලව භුක්ති විදීමට හැකිවනු ඇතැයි දැඩි විශ්වාසයෙන් සිටිති.
ඉල්ලා අස්වීම සදහා එජාපයේ ජාතික ලැයිස්තුවෙන් පත් වු මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකු කැමත්ත පලකොට ඇතැයිද සදහන් වන අතර විශාල සන්තෝෂම් හා ඊළග මහ මැතිවරණයේදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීමට සාකච්ඡා වන බවද එම ආරංචි මාර්ග කියයි.
මේ හරහා කරුණානායක මහතාට හිත්වත් එජාප පසු පෙල මන්ත්‍රීන් නිහඬ කිරීමට හැකි වනු ඇතැයිද පැවසෙයි.
Wow! Jayawewa!!
පෙරේත කමක මහත, හොරකම දිගටම කරගන යන්න පුලුවන්නෙ
His wife is the person who has accepted the bribe(perks) given in return of the favours according to Ravi’s own submissions to the commission. So how could she become eligible for the job.
ඕක මොකක්ද අනේ.. හේවාහැට හිටපු එ.ඡා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ඇනුර ඩැනියෙල් රත්තරන් පොලු අරං යනකොට කටුනායකදී ඇල්ලුවා.. ඡේ.ආර්.. මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන්න කියලා එයාගේ නංගී ශ්‍රියානි ඩැනියෙල් පාර්ලිමේන්තුවට පත් කලා.. ඔන්න මාමාගේ ඉතිහාසය.. ඉතින් බෑණා කලාම මොකද වෙන්නේ…?
එතකොට එයාටත් විශ්වාස භංගයක් එනවා.
මොකද එයයි ඇලූශියස් ගෙන් ගෙයක් අරන් තියෙන්නේ.
රවීටත් වඩා ඍජු දූශිතයා ඇයයි.
Ane pissu kiyanna epa!. Minissunta ona wune ‘venesak’. Den ithin hituwatah wediya labenewane. Kumana kathaada?
අයියෝ… මෙලෝ ඔනෙලෝ ශනෙලෝ විමෙලෝ මම ඔතෙලෝ